Part 5

135 19 2
                                    

🇱🇰♥️

සුවබර නින්දකට පස්සෙ විහගි උදෑසන අවදි වුනේ ගොඩක් සතුටින්. මොකද ඇය පෙරදා රාත්‍රියෙහි තීරණය කලා කොයි රටේ නිර්මාණයද බාරගන්නෙ කියලා.

*අම්මා:-* අහ්..ඔයා නැගිට්ටද... මොකෝ ඊයේ රෑ හිතුවද මොකද කරන්නෙ කියලා..?

*විහගි:-* ඔව් අම්මා. මං තීරණය කලා දකුණු_කොරියාවේ ඩ්‍රාමා එක බාරගන්න. මොකද නැත්නම් මුලු ජීවිත කාලෙම ඒක බාරනොගත්තොත් මට පසුතැවෙන්න වෙයි. ඉතින් මං හිතුවා එහෙ ගිහින් ඒ ඩ්‍රාමා එක කරලා BTS Concert එකක් එහෙමත් බලලම එන්න...😁😁😇

*අම්මා:-*  ආ ආ..ඔය එන්නෙ හිතේ තියෙන තව තව අදහස් එළියට..🤭🤭 
මං දන්නවා ඉතින් වැඩියෙන්ම කොරියාවට යන්න උවමනා ඒ නිසා කියලා..😃

*විහගි:-* අනේ අම්මා ඔයත් ඉතින්...☺️☺️ සංගීතය කියන්නෙ විෂ්ව භාෂාවක්..අනික....

*අම්මා:-* හා ඇති ඇති...ඉස්කෝලේ යන කාලෙ ඉදන් මං ඔය ඔය විෂ්ව භාෂාවෙ රචනාව ඔයාගෙ කටින් අහනවනෙ. දැන් මට කියන්නකො කවුද නලු නිලියෝ එහෙම ඔයත් එක්ක රගපාන්න තෝරගෙන තියෙන ඒ ඩ්‍රාමා එකේ..?

*විහගි:-*  හ්ම්ම්...අනිත් චරිතනම් තෝරගෙනලු තියෙන්නෙ. ඔයාට නම්වලින් කිව්වට අදුරන්නෙ නෑනේ ඔයා එයාලව.  ප්‍රදාන නලුවවනම් තාම තෝරනවලු..ගොඩාක්ම famous කෙනෙක්ව තෝරගෙනලු තියෙන්නෙ..හැබැයි එයා කැමති වෙලා නෑලු. ඒත් කොහොමහරි එයාවම ගන්න තමයි ඩ්‍රාමා එකේ ටීම් එක උත්සාහ කරනවා කියන්නෙ. හරියටම නලුවව තෝරගත්තම නිලවශයෙන් media වලට දන්වනවා.

*අම්මා:-* ඔයා ඉතින් කොරියාවෙ කොයි නලුවටත් කැමැතියිනෙ🤭😚

*අම්මා:-*  අනේ අම්මා..ඔයා මාව බයිට් කරනවනෙ. මේ අහන්නකො, ඔන්න එහෙනම් අද මං එයාලට කතා කරලා නිලවශයෙන්ම දැනුම් දෙනවා හොදද මං ඩ්‍රාමා එකට එනවා කියලා.

*අම්මා:-* ඒක හොදයි. හැමදේකටම මං ඔයත් එක්ක ඉන්නවා. හැමදාම සතුටින් ඉන්න.

ඉතින් ඔන්න අපේ විහගි කොරියන් ඩ්‍රාමා එකේ කණ්ඩායමට කතා කරලා නිලවශයෙන්ම දැනුම් දුන්නා එයා ඩ්‍රාමා එකේ වැඩ බාරගන්න කැමැතියි කියලා.

🇰🇷💜

🧓 අපේ කොරියානු ඩ්‍රාමා කණ්ඩායමේ ප්‍රදානියා මිස්ටර් පාර්ක් මියුන්ජි මහත්මයා.

හත්දින්නත් තරු 💜🌟💫Where stories live. Discover now