Part 4

132 21 1
                                    

🇰🇷💜

BTS House 🏪💜💫

*RM:-* ජින් හියුන්ග්, ජින් හියුන්ග්... ඔයා කොහෙදෝ...

BTS House එක දෝංකාර දෙන තරම් සද්දෙන් කෑ ගහන ගමන් RM මේ හොයන්නෙ අපේ ලොකු අයියව...ඒ ඉතින් නිකන් නෙවෙයි ලොකු ප්ලෑන් එකකට.

ඒ අතර නම්ජුන්ගෙ සද්දෙ ඇහුණු ජින්,

*Jin:-*  නම්ජුනා...මං මෙහේ  කිචන් එකේ....

*RM:-*  අහ්..අද අපේ chef jin ද රෑ කෑම හදන්නෙ මරු මරු.. මාත් මේ ආවෙ ලොකු උදව්වක්...

*Jin:-*  මේ මේ මේ ඔන්න කලින්ම කිව්වා ඔයාටත් මොනාහරි ඕන්නම් අපේ staff එකට කියන්න..නැත්නම් ඕඩර් කරලා ගෙන්නගන්න. යකුනේ මාත් idol කෙනෙක් බොලව්...😬😬  නිකන් නෙවෙයි World Wide Handsome Idol කෙනෙක්. ඒ මුකුත් ඕනෙ නෑ...මං උබලා ඔක්කොමලගෙ ලොකුම හියුන්ග් බොලව්. එහෙම මාව අර කුකියා  උගෙ පෞද්ගලික කෝකියගෙ තත්වෙට දාලා තියෙන්නෙ.👨‍🍳 බඩපැලෙනකන් දවල්ට කාලා කාලා දැන් ආයෙත් මං ලව්වත් මොනාහරි හදාගෙන කෑවෙ නැත්නම් උගෙ බඩට අල්ලන්නෙ නෑලු🤷‍♂️

*RM:-*  🤦‍♂️🤦‍♂🤦‍♂ අයියෝ  අයියෝ ජීනා...මේ මට කෑම එපා. මට ඕනෙ වෙන උදව්වක්. ඒකත් මං වෙනුවෙන් නෙවෙයි..ඔයාගෙම සුහද කීකරු ආදරණීය චූටි මල්ලි V වෙනුවෙන්.

*Jin:-* ඒ මොකක්ද ඒ V වෙනුවෙන් ඕනෙ උදව්ව?

*RM:-*  මේකයි මට කොහොමහරි V ව විතරක් ටිකකට ගෙදරින් එළියට යවන්න ඕනෙ. අනිත් මාත් එක්ක අපි හයදෙනාම ඉතුරුවෙලා V විතරක් යවන්න ඕනෙ. මේක V ගැන , එයාගෙම හොදට කරන්න යන දෙයක්. ඒ නිසා එයාව විතරක්  මට එළියට යවලා දෙන්න. ඔයාට විතරයි ඒක කරන්න පුලුවන්. මොකද නැත්නම් අර V ගෙ නැටිදෙක වගේ ඉන්න ජිමිනයි,jk යිත් උගෙ පස්සෙන් යයි...ඒකයි.

*Jin:-*  හරි මං කොහොමහරි V විතරක් එළියට යවන්නම්. ඒත් ඇයි?

*RM:-*  ඇයි කියලා කියන්න තමයි මනුස්සයෝ එයාව විතරක් යවන්න කියන්නෙ...🤷‍♂️🤦‍♂️😬

*Jin:-*  හරි  හරි එහෙනම් දැන් යනගමන් V ට කියන්නකො මං එයාට කතා කලා කියලා. මං මොනාහරි කියලා කොල්ලව එළියට යවන්නම්.

*RM:-* අන්න මගෙ හොද කොල්ලා.😁😁

*Jin:-*  හා හ මේ ඇති ඇති බටර් ගෑවා. ඔය බඩු මුට්ටු කඩන්නෙ නැතුව ඉක්මනට යන්න දැන්.

හත්දින්නත් තරු 💜🌟💫Where stories live. Discover now