Part 31

99 15 21
                                    

රූගතකිරීම් මදකට නතර කොට සියලුදෙනා මදක් විවේකයෙන් කතාබහ කරමින් සිටින්නට විය. ඒ අතරතුර එතැනට පැමිණි ටෙලිනාට්‍යය කණ්ඩායමේ ප්‍රදානී පාර්ක් මියුන්ජි විසින් V ට ගීතයක් ගායනා කිරීමට ආරාධනා කරන ලදි.

*පාර්ක් මියුන්ජි:-*  Mr. Taehyung, මොකද කියන්නෙ...අපි සිංදුවක් කියමුද?

*V:-*  සිංදුවක්..?😁

*පාර්ක් මියුන්ජි:-* ඔව්...ඔව්...ලෝකෙම පිස්සු වට්ටපු ගායකයෙක් මෙච්චර ලග ඉදලත් අපි එයාගෙන් සිංදුවක් ඇහුවෙ නැත්නම් වැඩක් නෑනෙ..🤷‍♂

*සුකී:-*  අනේ ඔව් V....please කියන්නකෝ.

*V:-*   ම්ම්ම්...හරි. මොකක්ද දැන් කියන්නෙ..🤔

*විහගි:-*  ඔයා කැමති එකක් කියන්න..අපි ඔක්කොටම කැමතියි.☺️

*V:-* Ok..😌 එහෙනම් මං  *My Princess*  කියන්නම්.

*විහගි:-* හ්ම්ම්...ඒක ගොඩාක් ලස්සනයි. 🥰🥰

My Princess යනු V පසුගිය වසරෙ ඔහු විසින් ම රචනා කොට ඔහු විසින් ගායනා කළ ඔහුගේ ඒකල ගීතයකි. මේතාක් V ගායනා කොට ඇති ඔහුගේ සියලුම ඒකල ගීත අතරින් ප්‍රේක්ෂක ප්‍රතිචාර වැඩියෙන් ම ලැබුණු ගීතය මෙය වන අතර ඔහු මෙම ගීතය රචනා කර තිබෙන්නේ ඔහුගේ අනාගතය සහකාරිය එහෙමත් නැත්නම් අනාගත පෙම්වතිය වෙනුවෙන් ය. තමාට පෙම්වතියක් නොමැති වුවත් පෙම්වතෙක් විසින් අනාගතයේ දී තමාගේ ජීවිතයට පැමිණීමට සිටින පෙම්වතිය වෙත කෙරෙන ආදරණීය ආමන්ත්‍රණයක් ලෙස මෙය තමා රචනා කළ බව ඔහු තම රසිකයන්ට මෙන් ම BTS සාමාජිකායන්ට ද පැවසීය. 
ඔහු අද මෙම ගීතය ගායනා කිරීමට තෝරාගන්නා ලද්දේ තම සිතෙහි ඇදුණු ඒ රුව අද සැබෑවටම තමා ඉදිරියේ සිටිනා නිසාවෙනි.

ගීතය ගායනා කරන අතරතුරේ දී විහගිගේ දෙනෙත් V අසලම නතර වී තිබුණු අතර..සුකී ද ඔහු දෙසම බලා හිදින්නට විය.

V, සුකී, ජුන් ජේ හා තවත් කිහිපදෙනෙකුට තවත් රූගතකිරීම් කිහිපයක් කිරීමට ඉතිරි වී තිබුණු අතර විහගිගේ අද දිනට යෙදී තිබුණු රූගතකිරීම් අවසාන විය. V ට හා අනෙක් අයට සමුදුන් ඇය තම මව  හා ආරක්ෂකයින් සමග පිටත් විය. මින්වා ඇය සමග නොගොස් එතැන නතරවූයේ ඇය අද දින නිවාඩුවක් ලබාගෙන තම නිවෙසට යාමට ඇති බව පවසා ය.

හත්දින්නත් තරු 💜🌟💫Where stories live. Discover now