Part 18

81 14 0
                                    

.................................................................

*අම්මා:-* මොකෝ කියන්නෙ ?

*විහගි:-* අහ්...මොකක්ද..කවුද?

*අම්මා:-* නෑ..නෑ කවුරුත් නෑ.

*විහගි:-* අනේ අම්මා...විහිලු කරන්න එපා අනේ. එයා ඇහුවෙ දැන් අත කොහොමද කියලා.🤷‍♀️

*අම්මා:-*  මාත් කියන්න හිටියේ..අරයා තල්ලු කරපු වේගෙනම් වැඩියි හොදේ.

*විහගි:-* ඔය ඉතින්..ඒක එයාට කරන්න තිබුණු කොටසනෙ. මං චුට්ටක් වැටුනා. දැන් ඒක හිතන්න එපා. එයා සොරිත් කිව්වනෙ.

*අම්මා:-* හරි හරි අපි බලමුකෝ. කෝ දැන් එන්න කවන්න.

ඉන් අනතුරුව මව විහගිට කෑම කවන ලදි.

රූගතකිරීම් අවසානයේ පිටත්වීමට පෙර විහගි මවටත් දන්වා ගියේ ඇයට පේන මානයේ ඒ වනවිට නොසිටි V සොයාගෙන ය.
ඒ ඔහුට තම දුරකථන අංකය ලබාදීමේ අරමුණෙනි.

එහෙත් එක්වරම ඇය ඉදිරියට පැමිණ ඇගේ මග හරස්කරන ලද්දේ ජුන් ජේ විසිනි.

*ජුන් ජේ:-* ආ..ළමයා...අත ගොඩක් රිදෙනවද?

*විහගි:-* අහ්..ජුන් ජේ...නෑ එහෙම ලොකූ අමාරුවක් නෑ. බෙහෙත් දැම්මනෙ.

ජුන් ජේ හා කතා කරන අතරවාරයෙදීත් ඇගේ ඇස් සිව්දෙසම සෙවූයේ V ගේ රුවය.

*ජුන් ජේ:-* කාවද ඔය ඇස් කරක කරක හොයන්නේ?😏

*විහගි:-* අනේ නෑ. මං ඉතින් කාව හොයන්නද..🤷‍♀️
මේ..ජුන් ජේ, එහෙනම් මං යන්නම්. දැන් යන්නත් එපැයි. අම්මා මාව හොයනවත් ඇති.
 
එහෙත් විහගි යෑමට සැරසෙන විටම ජුන් ජේ දුටුවේ V ඔවුන් දෙසට එමින් සිටින බවයි. ඔහු පැමිණෙමින් සිටි දෙසට පිටුපා සිටි නිසාවෙන් විහගි ඔහු එන බවක් දුටුවේ නැත.
එයින් ප්‍රයෝජන ගත් ජුන් ජේ ක්ෂණිකව හිතට ආ සිතුවිල්ලක් හේතුවෙන් එක්වරම විහගිගේ තුවාල වූ අතින් අල්ලන්නට විය.

*ජුන් ජේ:-* කොහොමත් බයවෙන්න එපා මේක පොඩි තුවාලයක්නෙ. ඕක ඉක්මනට හොදවෙයි.

තමා නොසිතූ  ලෙස ජුන් ජේ විසින් තම අත ඇල්ලූ විට විහගි තිගැස්සුනේ පුදුමයෙනි. විහගි පමණක් නොව ඈතදීම මෙම සිද්ධිය දුටු V ද හිටි තැනම නතරවූයේ ඔහුටත් නොතේරෙන අමුතු ම හැගීමක් හිතට දැණුනු නිසාවෙනි.

හත්දින්නත් තරු 💜🌟💫Where stories live. Discover now