Part 29

138 15 25
                                    

මේ අතර මැදියම් රැයත් ගෙවී යමින් උදෑසන කෙමින් කෙමින් ලංවෙමින් තිබුණි. මහන්සියක් දැනුනත් වෙනදා මෙන් ප්‍රසංගයක් අවසානයේ දැනෙන දැඩි විඩාබර නිදිමත අද V ට දැනුනේ නැත. ඔහුට ද එය පුදුමයට කරුණක් විය.
RM හා තම සිතෙහි ඇති හැගීම් පිළිබඳව විවෘතව කතාබස් කිරීමෙන් හිතට දැණෙන සැහැල්ලුවත් ඊට හේතුවන්නට ඇතැයි ඔහුට සිතුණි. එනිසාම සිතට දැණුනු සිතුවිල්ලක් නිසාවෙන් ඔහු විහගිට තම දුරකථනයෙන් SMS පණිවිඩයක් යවන ලද්දේ ඇය අවදිව සිටියහොත් ඇය හා මද වේලාවක් කතා කිරීමේ අරමුණෙනි.

*V:-* විහගි...☺️ ( එහි එපමණක් සටහන් විය.)

මද වේලාවකින් ඊට විහගිගෙන් පිළිතුරු ලැබුණි.

*විහගි:-* V....🥰

ඇය අවදිව සිටීම ඔහුට සතුටක් මෙන් ම ඔහුගෙන් දුරකථන පණිවිඩයක් ලැබීම ඇයටත් සතුටක් ගෙන දෙන ලදි.

*V:-* හ්ම්ම්ම්....ළමයා තාම නිදි නැහැ නෙහ්...😁😁

*විහගි:-* හ්ම්ම්...😌 ඔබතුමත් තාමත් නිදි වර්ජිත වගයි පෙනී යන්නෙ...🤭🤭

*V:-* වෙනදා concert එකක් ඉවරවුනහම හරි මහන්සියි..නිදිමතයි...🥱 ඒත්...අද එහෙම නෑ වගේ..නම්ජුනී එක්කත් ටිකක් කතා කර කර හිටියා...දන්නෙම නෑ එළිවෙන්නත් ලගයි.😁

*විහගි:-* නම්ජුනී එක්ක කතා කර කර ඉද්දිනම් වෙලාව යනවා දැනෙන්නෙ නැතුව ඇති කොහොමත්..අපේ ඇවිදන පුස්තකාලෙනෙ ඒ...🤭🤭
මටත් අද නින්ද යන්නෙ නෑ...ඔයා දන්නවද V...🤷‍♀ අද හැබෑවුණේ මගෙ අවුරුදු ගානක හීනයක්..🥺💜 මගේ විතරක් නෙවෙයි...ඔයාලගෙ ෆෑන්ස්ලා හැමෝම කවදාහරි හැබෑකරගන්න ආසාවෙන් බලාගෙන ඉන්න ලස්සනම ලස්සන දම්පාට හීනයක්..💜💜💜

*V:-* ඔයා දන්නවද විහගි...මට දැනෙනවා මං හරි වාසනාවන්ත මනුස්සයෙක් කියලා.😇හැම army කෙනෙක්ගෙම අපේ purple ocean එකේ හීනෙ හැබෑකරන්න මට බැරි වුනත්...මට පුලුවන් තරම් කාලයක්..මැරෙන තුරාවටම මං ඔයාලා වෙනුවෙන් සිංදු කියනවා..😌🤞

*විහගි:-* ඒක තමා ඔයා අපිට දෙන ලොකුම තෑග්ග..🎁

*V:-* ම්ම්ම්ම්...🤔 වෙන මුකුත් එපාද...🤷‍♂

*විහගි:-* අහ්...?😳

*V:-* නැහැ මං මේ ඇහුවේ.... ඔය Army girl ට මේ V ගෙන් වෙන මුකුත් ම තෑග්ගක් එපාද කියලා. ☺️

හත්දින්නත් තරු 💜🌟💫Where stories live. Discover now