Part 6

119 18 0
                                    

🇱🇰♥️

දින දෙකකට පසු...

අලුත් දවසක උදාවක් වුනත් අද ටිකක් කලබලකාරී දවසක්. මොකද අද අපේ විහගි දකුණු කොරියාව බලා පිටත්වෙන දවස. අවශ්‍ය සියලුම දෑ  සූදානම් කරගත් විහගි, ඇගේ මව ඇතුළු පිරිස ගුවන්තොටුපළ දක්වා ගමන් කලේ නොයෙක් කතාබහ මැද්දේ....✈️

ගුවන්තොටුපළට පැමිණි පසු...

*විහගි:-*  අම්මා...එහෙනම් මං ගිහින් එන්නම්...

මේ විහගි විදේශගතවන දෙවෙනි අවස්ථාව. කලින් සම්මාන උළෙලක් සදහා ඇය විදේශගතවන විට මවත් ඇය සමග ගියා.

*අම්මා:-*  හරි මගෙ දූ...පරිස්සමින් යන්න හොදද...බුදු සරණයි මගෙ දූට. ඔයාගෙ හැම හීනයක්ම හැබෑවෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.

*විහගි:-* බුදු සරණයි අම්මා. විහගි  මවගේ දෙපා වැද ආශිර්වාදය ලබාගත්තේ ඇස්දෙකෙහි වූ කදුලු බිදු දෙකක් තම මවගේ දෙපාවල තවරමිනි. 😢

*අම්මා:-* අනේ මගෙ රත්තරං...අඩවන්න එපා. කෝ මේ බලන්නකො...ඔයා හොද ගමනක්නෙ යන්නෙ. හ්ම්ම්...දැන් අඩන්න එපා හොදේ..🙂 

*විහගි:-*  මට එපා කිව්වට අම්මත් අඩනවනෙ...🥺🥺

*පවුලේ වැඩිහිටියො:-* ඔව් දූ දැන් ඔය කදුලු පිහදාගෙන සතුටින් ගිහින් එන්න...අපි බලාගෙන ඉන්නවා ඔයාගෙ අලුත් ඩ්‍රාමා එක බලන්න.

*ෂානු:-* මගෙ බිස්ටියෝ පරිස්සමින් ගිහින් එන්න හොදේ..ඔයා නැතුව පාලු හිතෙයි. හැමදාම කෝල් කරන්නම්...ආදරෙයි හොදේ..ආහ් මේ අර කොරියන් ඔප්පලා ටිකට කියන්න මේ ෂානු එයාලට මැරිලත් පැයක් සරංහේ (ආදරෙයි) කියලා.😇😇

*විහගි:-* (කදුලු අතරින් සිනාසී) හරි හරි කියන්නම්කො..එහෙනම් මම ගිහින් එන්නම්.  හැමෝටම බුදු සරණයි.
🙋‍♀️🙋‍♀️🙋‍♀🙋‍♀🙋‍♀🙋‍♀🙋‍♀🙋‍♀

පවුලේ හිතවතුන්, යාලුවන්, රසිකයන්  හා media වල කැමරා විහගිව නොපෙනී යන තෙක්ම ඇය දෙස බලා සිටියා.

ගුවන්‍යානයට ගොඩ වූ විහගි තමන්ගේ ආසනයෙහි වාඩිවී මදකට දෑස් පියා ගත්තේ ඇයට දැනෙන මේ සතුටත් දුකත් මිශ්‍ර වුණු හැගීම හිතට බරක් වගේ හැගුන නිසයි.

හත්දින්නත් තරු 💜🌟💫Where stories live. Discover now