Part 33

91 13 11
                                    


උපන්දිනය දා....🎊🎂🎉

විහගිගේ නවාතැන❤️💫

අම්මා:- දුව...කෝ මින්වාත් එක්ක එන්න අපි යන්න ඕන.

විහගි:- හරි අම්මා....මේ එනවා. හරි යමු. යමු මින්වා.
අපිට මුකුත් බැරිවුණේ නෑනෙ නේද....🤔

මින්වා:- නැහැ මිස්. ඔක්කොම හරි...අපි යමු.

විහගි:- හ්ම්ම්☺️

විහගිගේ උපන්දිනය වෙනුවෙන් ටෙලිනාට්‍ය කණ්ඩායමට ලබාදීමට සූදානම් කරගත් ප්‍රණීත ආහාර සියල්ලත් රැගෙන ඔවුන් රූගතකිරීම් සිදුකරන ස්ථානයට යෑමට පිටත්වුණා.

රූගතකිරීම් සිදුකරන ස්ථානය 🎬

මේ අතර විහගි හා ඇගේ පිරිස රූගතකිරීම් සිදුකරන ස්ථානයට පැමිණීමට පෙර V ඇතුළු ඔහුගේ පිරිස එතැනට පැමිණියහ.

පාර්ක් මියුන්ජි:- Mr. V...ඉක්මනට ආව එක හොදයි. මට මින්වා දැන් මැසේජ් එකක් දැම්මා. එයාලා එන්න පිටත්වෙලා.

V:- අහ්..එහෙනම් අපි ඉක්මනට ලෑස්ති වෙමු නේද මිස්ටර් මියුන්ජි ?

පාර්ක් මියුන්ජි:- ඔව් Mr.V, අනික් ඔක්කොම දේවල් ලෑස්තියි. ඉතිරි වැඩ ටික තියෙන්නෙ ඔයාගෙ අතේ.

V:- හරි මිස්ටර් මියුන්ජි...මං ඒ ටික බලාගන්නම්.😁

පාර්ක් මියුන්ජි, V ඇතුළු පිරිස සියල්ල සූදානම් කර අවසානයේ විහගි පැමිණෙන තෙක් ඔවුන්ට නියමිත ස්ථානයන්වල හිද බලා සිටින්නට විය.

මේ අතර විහගි, මව හා මින්වා ඇතුළු පිරිස රූගතකිරීම් සිදුකරන ස්ථානයට පැමිණෙන්නට විය.

මින්වා:- මිස්...අපි මෙතන වැඩට ඉන්න අයට කියලා මේ ටික ඇතුළට ගෙනියමු. නැත්නම් අපිට අරගෙන යන්න අමාරුයිනෙ.🤷

විහගි:- ඔව් මින්වා...එහෙම කරමු. යමු අම්මා.

එතැන සේවකයන්ගේ උදව්වෙන් ඔවුන් ගෙන ආ ආහාර ද රැගෙන එදින රූගතකිරීම් සිදුකිරීමට නියමිතව තිබූ සුවිසල් නිවසට ඇතුළු විය.

ඔවුන් එහි ඇතුළු වන විට කිසිවෙකු පේන මානයේ සිටියේ නැත. එමෙන් ම ඔවුන් නිවසට ඇතුළු වනවාත් සමගම නිවසෙහිම සියලු විදුලි බුබුළු නිවී ගොස් මුලු නිවසම අන්ධකාරයෙහි ගිලුණි.

හත්දින්නත් තරු 💜🌟💫Where stories live. Discover now