Part 27

92 15 24
                                    

Army රසිකයන්ගේ ඔල්වරසන් හඩ මැද්දේ bts සාමාජිකයන් ඉතා ජවසම්පන්න ලෙස ප්‍රසංගය ආරම්භ කරන ලදි. ගීත දෙකක් පමණ ගායනා කිරීමෙන් අනතුරුව ඔවුන් ගායනය සදහා තෝරාගෙන තිබුණේ වාර්තා පිට වාර්තා තැබූ ඔවුන්ගේ නවත ම ගීතයයි.
ගීතය ගායනා කරමින් මුලු වේදිකාව පුරාම නටමින් ඇවිදින අතරම V ගෙ දෙනෙත් අසීරුවෙන් නමුත් ඉතා වුවමනාවෙන් Army රසික රසිකාවියන් අතර කාවදෝ සොයන්නට විය. විහගි ද එය දුටුවා ය.

*විහගිගේ සිත:-* ඔයා ඔය කාවද හොයන්නෙ V..🥺 ඇත්තටම ඒ මාවද...🙈💜

V කවුරුන් හෝ සොයන වග වේදිකාවේ සිටි තවත් අයෙකුට වැටහුණි. ඔහුත් V බැලූ දෙසත් ඒ අවටත් හොදින් නිරීක්ෂණය කරන්නට විය. හදීසියේම ඔහුගේ නෙත ගැටුණේ V සොයනා ඒ රුවය. ඇයද V දෙස ම බලා සිටියද V ට ඇයව සොයාගැනීමට නොහැකි වී ඇති වග ඔහුට වැටහුණි. එනිසා ම නර්තනයෙන් ම V අසලට ගිය ඔහු.....

*RM:-* ටේ...අර...අර අතන එයා ඉන්නෙ.

ඔව්...ඒ අපේ ආදරණීය bts කණ්ඩායමේ නායකයානන්‍ ය. විටෙක තම සාමාජිකයන්ට සහෝදරයෙකු වූ...තවත් විටෙක පියෙකු වූ...පාලකයෙකු නොවී සෑම විටම ආදරණීය විශිෂ්ට නායකයෙකු වූ RM ය.
RM යනු තම සාමාජිකයන් හයදෙනාගෙ සිතැගි හොදින් ම හදුනාගත් ඔවුන්ගේ යෝධ සෙවනැල්ල ය. එනිසාම එසේ V ගේ කනට ලංවී විහගි සිටිනා තැන පවසා V ට වචනෙකුදු පැවසීමට ඉඩ නොතබාම ඔහු එතැනින් නික්ම
ගියේ ය.

තමා කිසිත් කීමට ප්‍රථම ම එතැනින් නික්ම ගිය RM දෙස වරක් බැලූ V , ඉන්පසු ඔහු පෙන් වූ දෙස බලන්නට විය. එවිට V දුටුවේ ඔහු මෙතෙක් වේලා සෙවූ ඒ රුව ය. පුදුමයට කරුණනම් ඒ රුවේ හිමිකාරියත් V දෙසම බලා සිටීමයි. අතිවිශාල ජනකායක් මද්දයේ වුවද ඔවුන්ගේ සිව් දෙනෙත් මොහොතක එක් විය.

ආදරණීය හිනාවක් හා පාවෙන හාදුවක් විහගි සිටි දෙසට පා කළ V නැවතත් නර්තනයට අවදානය ලබාදෙමින් සිනාසෙමින් RM සිටි දෙසට යන්නට විය.

ආදරණීය හිනාවක් හා පාවෙන හාදුවක් විහගි සිටි දෙසට පා කළ V නැවතත් නර්තනයට අවදානය ලබාදෙමින් සිනාසෙමින් RM සිටි දෙසට යන්නට විය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
හත්දින්නත් තරු 💜🌟💫Where stories live. Discover now