3.

826 142 0
                                    

"ඔ-ඔයාට පුළුවන්ද මාව හුරතල් කරන්න? මට ඒ හැඟීම මගහැරිලා තියෙන්නේ," ජිමින් කිව්වා.

ජන්කුක් හිනාවෙලා ජිමින්ගේ කන්දෙකත් එක්ක හුරතල් කරන්න පටන් ගත්තා. ඒ දර්ශනය මාව ටිකක් කේන්ති ගැස්සුවා නමුත් හැමතිස්සෙම මං මටම මතක් කරගන්නවා ජන්කුක් මට ආදරෙයි කියලා,.

"ඔයාගේ කන් දෙක හරිම සිනිඳුයි."

ඇයි මගෙත් සිනිඳුයි.

මං මගේ කන් දෙක අතගාලා බැලුවා ඒවා අතට දැනෙන්නේ කොහොමද කියලා බලන්න, මගෙත් සිනිඳු නැද්ද?

"ඔයාවත් හුරතල් කරන්න ඕනද?" ජන්කුක් ඇහුවා.

මං එයා දිහා ඔළුව හරවලා බලලා ඔළුව වනලා නෑ කියලා කිව්වා, ඒත් එක්කම මං තොල් කරන් අහක බලාගත්තා.

"මට ඕන නෑ ඔයා මාව හුරතල් කරනවට" මං කිව්වා.

මං නැගිටලා මගේ කාමරයට ඇවිදන් ගිහින් මගේ හදවතක හැඩයකට තිබුණු ටෙඩීයා ව අරන් ආපහු සාලේටම ගියා.

මං ගිහින් වාඩි වෙලා මගේ ටෙඩීව මගේ ලගට ලංවෙන විදිහට එයාව බදාගත්තා. ජිමිනුයි, ජන්කුකුයි එකට වාඩිවෙලා ඉන්න අතරේ මායි, මගේ ටෙඩී යි එකට වාඩි වෙලා තිබුණා.

මං මගේ ටෙඩී දිහා බලලා හිනාවුනා.

"ඔයා හරිම හුරතල් ටාටා," මං හිනාවුණා.

"මං හිතුවේ මං තමා වැඩිපුරම හුරතල් කියලා," ජන්කුක් කිව්වේ එයාගේ නිකට මගේ උරහිසේ තියාගන්න ගමන්.

"නෑ." මං එයා බලන්නේවත් නැතුව කිව්වා.

එයා හයියෙන් හිනාවෙලා ආපහු ජිමින් ගාවට ගියා.

ඇයි ඔයා එයා ළඟට යන්නේ? ඔයා මාත් එක්ක එකට වාඩිවෙන්න එන්නේ නැද්ද?

___________

ඉතින් කස්ටිය?? කට්ටියම හොදින් නේ?? 😊🤗

පරිස්සමින් ඉන්න ඕන හරිද??

ගිහින් එන්නම්.. බායි!! 😬❤

_jeon10_v17 ❤

My Hybrid | TaekookWo Geschichten leben. Entdecke jetzt