Taehyung pov.
මං බලන් මිටියේ මේසේ තිබුණු කෑම පිරිච්ච දිසී දිහයි.. ජන්කුක් මං වෙත මෘදු සිනහවක් සහ කෑම ගන්න කියලා සංඥා කලා. එයා නම් එයාගේ දිසියේ තිබුණු අන්තිම කෑම ටිකත් ගිල ගිල යි හිටියේ, මං ඉක්මනට කෑම ටික දිසීට පුරවලා මගේ කාමරයට යන ගමනුයි හිටියේ එයා මාව නවත්තනකල්.
"කොහේ ද ඔයා යන්නේ?" එයා ඇහුවා. මං එයා දිහා නොරිස්සුමකින් බැලුවා. මට දැන් එයා මං ළඟ ඉන්නකොට කලබලකාරී හැඟීමක් එනවා. "අපි එක ට කමු!" මං පුදුම වුනා එයා දැන් කියපු දෙයින්.. මං හරිනම් එයාගේ විදිහට මගේ කාමරෙයි තනියම කන්න උවමනා.
මං එයාට ඉදිරිපසින් වාඩි වුනේ එයාගේ බැල්ම මඟහැරලයි. මේ ඔක්කෝම ත් එක්ක මට මඟේ මුණ රත් වෙනවා වගේ තේරැනා.
"ඔයා හරි ම ආදරණියයි" එයා උරහිස් දෙක හකුලමින් කිව්වා. ඒ කිව්ව වචන කිහිපයෙන් මගේ හදවත සීත සෘතුව ක ගහපු ගිනිමැලයක රස්නය වගේ සුවපහසක් ගෙනැවිත් දුන්නා.
"..ඔයා කිව්වේ ඒක ජිමින් ටනේ".. මං හෙමින් කිව්වා.
ජන්කුක් නිශ්ශබ්ද වුනා. මං හිතන්නේ ඒ වචනේ එයාව නිහඬබාවයට පත් කලා. මං ඉක්මනට එතැනින් නැගිටලා මගේ කාමරය වෙත දිව්වා මං ගත්තු කෑම ටිකත් අමතක කරලා.. මං දැන් කිව්ව ඒකෙන් එයාට රිදුනා....ඒත් ඒවගේම ඒ වචන ටික මටත් රිද්දුවා.
ජිමිනුයි ජන්කුක්ගෙයි සම්බන්ධතාව ඉවර වුනා, මට මොකද වුනේ?
මම අනාථයෙක් ද? මම කිසිම දෙයක් තේරෙන්නේ නැති පණ නැති අප්‍රාණජිවි දෙයක් ද? මට ජිමින් වගේ පෙනුමක් තිබ්බා නම් මට ජන්කුක් මීට වඩා කැමති වෙන්න තිබ්බා.
මට ලාවට දොරට තට්ටු කරන සද්දයක් ඇහුනා.මම ගියේ ඒ දොර ලොක් කරන්න, ඒත් එකපාරටම දොර ඇරන් ආපු ජන්කුක් මට පහරක් ගැසුවා. එයා මං දිහා බලන් හිටියේ නපුරැ විදිහට. මං එයාගෙන් අඩියක් පස්සට තියද්දී එයා අඩියක් ඉස්සරහට ආවා, ටේහාන් ආපහු ලෑස්ති වෙන්න ජන්කුක් ගෙන් බැනුම් අහගන්න.
"මා-මාත් එක්ක කේන්ති ගන්න එපා, මට සමාවෙන්න කරැණාකරලා!" මං කිව්වා. මං කරන හැමදෙයකින්ම ජන්කුක් ට කේන්ති යනවා.ඒක මගේ වැරැද්ද කිසිම දෙයක් හොයලා බලලා කරන්නේ නැති ඒක.
![](https://img.wattpad.com/cover/295094957-288-k934999.jpg)
YOU ARE READING
My Hybrid | Taekook
Fanfictionජන්කුක් තමන්ගේ මිතුරැ හයිබ්රිඩ් ත් සමග වේලාව වැඩිපුර ගත කරයි... එයාට අයිත් එයාගේම හයිබ්රිඩ්, ටේහාන්, මේ දෙන්නා ලං වෙන එකට ඊරිසියාවෙන් ඉන්නවා. ටේහාන් මොකක් කරාවීද??! first of all, this story is not belongs to me, credits goes to original author...