19.

686 134 7
                                    

මං නානකාමරයට එබිලා බලනකොට ටේ බෙල්ලේ තිබුණු දම්පාට රෙදි කැබැල්ලත් එක්ක සෙල්ලම් කර කර ඉන්නවා දැක්කා. මං එයාගේ ඉණේ මගේ අත් දෙක පටලවගෙන එයාගේ බෙල්ල ලඟින් මගේ මුණ හෙමීහිට තිබ්බා.

"..ඇයි ඔයා මාව ආපහු අරන් ආවේ?.." එයා ඇහුවා. මං එයා දිහා බැලුවේ එතැනම තිබුණු කණ්ණාඩියෙනුයි. එයාගේ මුණේ තිබුණේ වේදනාකාරී හැඟීමක්.

"මට ඕනි වුනා ඔයාව මාත් එක්ක තියාගන්න", මං කිව්වා.

එයා කලින් තිබුණු හැඟීමෙන්ම මං දිහා හිටගෙන බලාගෙන හිටියා.

"මං හිතුවේ මාව කොහේටහරි විසි කරයි කියලා.." එයාගේ කටහඬ ස්ථිර වුනේ නෑ, ඒ කටහඬ වේවලුවා. මට මං ගැන වැරදිකාරී හැඟීමක් ආවා.. මට ගොඩක් වැරදිකාරී හැඟීමක් ආවා මං එයාට මෙච්චර දේවල් කරලත් මට එයාව බදාගන්න සහ හාදුවලින් නාවන්න, එයාට කියන්න 'මං එයාට සදහටම ආදරෙයි' කියලා, හිතෙන ඒකට.

"මට සමාවෙන්න ටේ, මට ඕනි වුනේ නෑ ඔයාට තනිකමක් දැනෙන්න හරින්න!" මං කිව්වා. මං මගේ මුණ එයාගේ බෙල්ල අස්සේ හංග ගත්තා. මං එයාව පුළුවන් තරම් තදින් බදාගෙන මෘදු හාදුවක් එයාගේ බෙල්ලේ තැන්පත් කලා.

"මං ඔයාට ගොඩක් ආදරෙයි," මං එයාගේ කන්වලට බරවෙලා හෙමින් කිව්වා. මං එයාගේ මුණ කණ්ණාඩියෙන් බැලුවාම එයාගේ මුණ චෙරි ගෙඩියක් වගේ රතුවෙලා තිබුණා... ඒ මුණටම මට හිනා ගියා...

"..ඔ-ඔයා කිව්වානේ ඔයා ජිමින් ට කැමැතියි කියලා", එයා කිව්වා. මං ආපහු පාරක් කණ්ණාඩියෙන්ම එයා දිහා බැලුවා.

"මං එයාට කැමතියි, යාළුවෙක් විදිහට. ජිමින් ඒක තේරැම් අරන් තියෙන්නේ වැරදි විදිහට!" මට සතුටු හිතුනා ටේ ට අන්තීමේදි හරි ඇත්ත අහන්න ලැබුණු ඒක ගැන.

"මං ඔයාට ආදරෙයි, මට සමාවෙන්න. මං ඔයාට අනාථ වෙච්ච කෙනෙක් ට එන හැඟීම දැනෙන්න සැලැස්සුවා... ඔයා අර දම් පාට රෙදි කැබැල්ල ගැලෙව්වාම මට ඇත්තටම අවුල් ගියා." මං එයාගේ සිනිඳු කොණ්ඩේ අවුල් කරමින් කිව්වා.

"සහ ඔයා යුන්ගී ත් එක්ක මෙහෙන් ගියාම... මං ඒකට ආස වුනේ නෑ"

මං දන්නවා යුන්ගී ට ගොඩක් අමාරැයි කිසිම කෙනෙක්ගේ හීතේ හැඟීමක් ඇති කරන්න, ඒත් තවමත්... ටේ එයාත් එක්ක පිටව ගියපු සිතුවිල්ල පවා මට කනස්සල්ලක් එක් කලා.

"මට සමාවෙන්න, මං ඔයාට රිද්දුවා. මට ඕනි නෑ ඔයාට ආපහු එහෙම සලකන්න".

මං එයා දිහා ආපහු බැලුවාම මට පුදුම හිතුනේ ටේ අඩනවා දැක්ක නිසයි. මං එයාව මගේ මුණ පැත්තට හරව ගත්තා.

"මොකක්ද අවුල?" මං ඇහුවා. ඒත් එක්කම එයා හුරැබුහුටි විදිහට නහය පිහි දැම්මා.

"මං හිතුවේ ඔයා ජිමින් වෙනුවෙන් මාව අතෑරලා දායි කියලා, මං එයාට මං ළඟ තිබුණු හැමදේම දුන්නා, ඒත් ඔයා.. හැමතිස්සේම මාත් එක්ක තරහෙන් හිටියේ" එයා අඬ අඬ කිව්වා. එයා මාව තල්ලු කරලා දැම්මා මාව එයාගෙන් වෙන් කරන විදිහට.
මං කවදාවත් දැකලා නෑ ටේ මේ තරම් මේ විදිහට අඬනවා.

".. මං දන්නේ නෑ මං මොකක් ද කරන්නේ ඕන කියලා?" එයා හිමින් කිව්වා. මං මට පුළුවන් තරම් හොඳින් මං එයාව බදාගත්තා. මං එයාට ගොඩක් නරක විදිහට එයාට රිද්දලා සහ මම  අඩුම තරමේ දන්නෙත් නෑ මොකද කරන්න ඕන කියලා.

හයිබ්‍රිඩ් ලා ගොඩක් සංවේදී එයාලා දුකින් ඉන්නකොට.. ඒගොල්ලෝ ඇත්තටම දුකින්..

ටේ ඉන්නේ අවුලෙන් විතරක් නෙමෙයි, එයා ට කේන්තියි ත් එක්ක. මං එයාගේ සතුටු මනස විනාශ කරලා, මගේ හදවත බරයි මෙයා මේ අඬන විදිහ දැකලා..

එයා මං නිසා අඬනවා කියලා දැනගෙන සිටීම ම මාව පිස්සෙක් කලා.






සොරී ළමයි, මට අප්ඩේට් දෙන්න මෙච්චර කල් ගියාට 😭😭💔... මං දන්නවා ඕගොල්ලෝ මාත් එක්ක කේන්තියෙන් කියලා.. 🤧

යාළුයි නම් මේ රෝස මල අරන් යන්න.. 🌹 😊

My Hybrid | TaekookWo Geschichten leben. Entdecke jetzt