7+8

751 139 8
                                    

මට ඕන නැහැ ආපහු අනිත් hybrid ලත් එක්ක යන්න. එහේ ඉන්න මිනිස්සු hybrid ලට සලකන්නේ ඒගොල්ලෝ කවුරැත් නෙමෙයි වගේ.

ඒගොල්ලෝ හැමතිස්සේම අපිට ගහනවා, ගොඩක් අඩුවෙන් කෑම දෙන්නේ, සහ අපිව වැඩකාරයෝට වගේ වැඩ කරවගන්නවා. ඒක ගොඩක් බය හිතෙනවා ආපහු යන්න වෙනවා කියලා...

දැන් ජිමින් ජන්කුක්ගේ...
එයා හදන්නේ ආපහු මාව යවන්න. මට ගොඩක් බය හිතෙනවා  එහේ මිනිස්සුන්ට ආපහු මුහුණදෙන්න.

මං මගේ ස්වීටර් ඒකයි සපත්තු දෙකයි පැළඳගත්තා. මං අඩියෙන් අඩිය ගෙදරින් එළියට ගියා. මං ඔක්කෝම සාප්පු සංකිර්ණ සහ විවිධ පාටින් තිබෙන බල්බ සියල්ල දිහා බැලුවා. ගොඩක් මිනිස්සු මේ පරක්කු වෙච්ච වේලාවේ එළියට එනවානේ?

"අතන hybrid කෙනෙක්,"
කවුරැහරි කිව්වා.

මං බැලුවා එතන හිටපු කොලු රංචුව දිහා. ඒගොල්ලෝ මට එගොල්ලෝ ළගට  එන්න කියලා සංඥා කලා. මම ලැජ්ජාවෙන් ඒ දේට කීකරැ වුනා.

"ඔයා මීට කලින් club එකක ඉදලා තියෙනවාද?" ඒකෙන් එක්කෙනෙක් ඇහුවා.

"ක්-ක්ලබ් එකක?"

"වැඩිය හිතන්න එපා, එන්නකෝ අපි ඔයාව බලාගන්නම්"

                     * * *

මෙතැන තියෙන සංගීතය මහා හඩින් පුපුරනවා. කලින් ආපු එක්කෙනාම මාත් එක්ක කතා කර කර හිටියා සහ මාව තදින් අල්ලන් හිටියා.

"Try this," එයාගේ යාළුවෙක් කිව්වා සහ  කොප්පය මගේ අතට දුන්නා.

මට විශ්වාස කරන්න බෑ, හැබැයි ඉක්මනට මං ඒක බිව්වා.  මට ඒකෙන් මගේ ඇඟම පිච්චෙන ගතියත් එක්ක කැස්සක් ආවා. ඒතෙන් වුනේ අරගොල්ලෝ හයියෙන් හිනාවෙන්න පටන් ගත්තු ඒක විතරයි.

"ඒ-ඒකේ රස හොඳ නෑ," මං කිව්වා.

ඔක්කෝම කට්ටිය නටනවා. ම‍ං බලන් හිටියා ඒ ඔක්කෝම මිනිස්සු නටන්නේ හරි අමුතු විදිහට. සමහරැ වැටි, වැටී සහ වැනි,වැනි නැටුවා, සහ ඔක්කෝම කට්ටියගේ මුණු රතු වෙලා තිබුණා.... ඒ කට්ටිය හොඳින් ද?

"කාටහරි ඔයාව අයිතිද?"

කලින් එක්කෙනාම මාව අල්ලගෙන ඇහුවා. මම..මම ඒක ගැන හරියට දන්නේ නෑ.. ජන්කුක්ට තවමත් මං අයිතිද?

My Hybrid | TaekookWhere stories live. Discover now