Bonus.

920 137 11
                                    

මම යුන්ගී යි, ජිමිනුයි දිහා බැලුවා, මට ඇත්තටම සතුටුයි ඒ දෙන්නා අපි ත් එක්ක පිට්ටනිය ට ආපු ඒක ගැන. මම ටේහාන් දිහා බලාගෙන එයාට මෘදු සිනාහවක් සංග්‍රහ කලා.  මං මගේ අත එයාගේ ඉන වටේ දාගත්ත නිසා ද කොහේදෝ එයාගේ මුණ චෙරි ගෙඩියක් වගේ රතු වෙලා තිබුණා, හැබැයි එකපාරටම මගේ අවධානය බිදුණේ ජිමින් ඇවිල්ලා මගේ අත තල්ලු කරාමයි.

"...ඔයාට පුළුවන් ද මාව අතැනට අරන් යන්න?" එයා ඇඟිල්ලෙන් පෙන්නුවේ විවිධ පාටින් තිබුණු සෙල්ලම් බඩු කඩයකටයි.

"ඔයා කොහොමද ආවේ? යුන්ගී ගෙන් අහලා නෙවේද ආවේ?"  මං ඇහුවා. ජිමින් එතැන හිටන් හිටියේ එයාගේ යටිතොල ලාවට හපමිනුයි. මම දිග හුස්මක් ඇරලා ඔළුව වැනුවා.

"අපි යං!" මං කිව්වේ ටේහාන් ගේ අත අල්ලගෙනයි.

ජිමින් මගේ අත අල්ලගත්තාම ටේහාන් මාව තල්ලු කලේ එයාගෙන් ටිකක් ඈත් වෙන විදිහට.  "සංසුන් වෙන්න!" මං හයියෙන් හිනාවුනා. එයා රතුවෙන ගමන් මගෙන් අහක බලාගත්තා.  මට හිනායන්න ආවේ හේතු කිහිපයකටයි. මං දැක්කා ටේහාන් සහ යුන්ගි වෙන පැත්තක ඉන්නවා.

"මෙතැන ගොඩක් ටාටා ලා ඉන්නවා!!" ටේ කෑගහලා  ලොකු හදවත් ආකාර තිබුණු රතු පාට සෙල්ලම් බඩුවක් බදාගත්තා. යුන්ගී එයාගේ විදුරැමස් හිනාව දාලා ටේහාන් ගේ කොණ්ඩේ අවුල් කරන්න ගත්තා.

මට දුක හිතුණා මං දැක්ක දෙයින්. "අපි යං ඒ දෙන්නා ලඟට, නැත්නම් අපිට ඒ දෙන්නාව මඟහැරෙයි" මං කිව්වා. ජිමින් 'බෑ' කියන විදිහට ඔළුව වනලා මාව තදින් අල්ල ගත්තා.  "මට ඕනි ඔයාත් එක්ක ඉන්න" එයා කිව්වා.

ඕ හරි... ජිමින් ට මං ගැන හැඟීමක් තියෙනවා. එයා හැමතිස්සේම මං ළඟ දැවටෙනවා අපි එළියට ගියාම. මං දන්නවා යුන්ගී ඇත්තටම ජිමින් ගැන හොයන්නේ නෑ කියලා, ඒත් එයා අඩුම තරමේ මේ වගේ වේලාවක මට උදව් කරන්න ඕන.

"බලන්න, ඒගොල්ලෝ යනවා!" මං ජිමින්ට පෙන්නුවේ කඩේ න් පිටතට යන යුන්ගී සහ ටේහාන් ව පෙන්නලා.

ජිමින් හොඳ හුස්මක් අරන් මගේ අත අතෑරලා බිම බලාගෙන ඇවිදගෙන ගියා.

My Hybrid | TaekookOnde histórias criam vida. Descubra agora