12+13

701 134 2
                                    

ජිමින් සහ ජන්කුක් ආපහු එළියට ගියා. මං මගේ බ්ලැන්කට් එක තදින් අල්ලගෙන හිටියා, මගේ නැට්ට මගේ මගේ ඉණ වටේ ඔතා ගත්තේ මට මං ආරක්ෂිතයි කියලා හැඟීමක් ගන්න වගේ.

මේ දෙන්නා කීයටද එන්නේ? එන්න එන්නම කළුවරත් වෙනවා, මම ගෙදර බල්බ දල්වන්න පවා බය වුනා.

මොකක් වෙයිද රාක්ෂයෙක් ඇවිල්ලා මාව අරන් ගියොත්??... ජන්කුක් මාව ආරක්ෂා කර ගනීද?

මං අඳුර වෙලා ගත් සාලය දෙස බැලුවා, ඒ හැමතැනම ඇස් තිබුණා. ඒක දැක්කාමත් මාව වෙව්ලනවා.

මට ඕනි නැහැ ආපහු යන්න, මට ඕන නැහැ ජන්කුක්ව අතහරින්න.

ආපහු යන ඒක බය හිතෙන බව මවාගෙන මගේ ඇස් දෙකට කඳුළු උනන්න ගත්තා. මොකද ඔයාට විශේෂ කෙනෙක්ට ඔයාව අමතක වෙනවා වගේ හැඟීමක තමයි මාත් හිටියේ.

                    * * *

"ජිමින් සහ මම අපිදෙන්නා තනියම ජිවත් වෙන්නයි යන්නේ, ඔයා යනවා අනිත් හයිබ්‍රිඩ් අයත් එක්ක ටික කාලයකට, තේරැණාද?" ජන්කුක් කිව්වා.

"මො-මොකක් ඇයි??" මම ඇහුවේ පුදුමයෙන්.

"මට ජිමින්ව අනතුරකින් බේරගන්න තියෙනවා" එයා හිනාවුනා.

"...මට මොකද වෙන්නේ?"

"ඔයා ගොඩක් කරදර ගෙනවා, ඇරත් ඔයා ගොඩක් නපුරැ වෙනවා ජිමින් ට"

මම ජිමින් දිහා බැලුවා, එයා හිටියේ ටාටා ව එයාට ළං කරගෙනයි.

"බායි ටේහාන්" ජන්කුක් එහෙම කියලා එළියට පැත්තට ඇවිදන් ගියා, ජිමින් එක්ක අතට අත උඩින් දාගෙන.

"මාව දාලා යන්න එපා"

මං ඉක්මනට ඇස් දෙක ඇරියා. මං ඉක්මනට වාඩිවුනේ ඒ හීනේ නිසයි . මං මගේ දනිස් දෙක බදාගෙන මං ළඟට ගත්තා. සොෆා එකේ තනියම ඉදන් මං නිහඬව අඬන්න ගත්තා.

       🌹🌹🌹[13]

"ටේ මං ඊයේ කියපු දෙයින් අදහස් කලේ ඒක නෙමේ" ජන්කුක් ඇඳේ වාඩිවුනේ මගේ එහාපැත්තෙන් මෙහෙම කියමිනුයි.

මං දන්නේ නෑ මං මොකක්ද විශ්වාස කරන්න ඕනි කියලා? එයාට ඕන මාවද;ජිමින්ව ද? නැත්නම් එයාට ඕන ඇත්තටම මාව අතහැරලා දාන්නද? නැත්නම් මට ඒක සුහදව කියලා දෙන්නද?

එයා ඇඳේ වැතිරිලා මාවයි එයාවයි බ්ලැන්කට් එකෙන් පොරවගත්තා. මාව ගැස්සුනේ එයාගේ අත මගේ කර වටේ එතෙද්දියි.

"ඔයා හිටියේ මුළු දවසේම ඇඳේ" ඔහු කිව්වා.

මට එයාගේ උණුසුම ගොඩක් මඟහැරැනු නිසා මං එයාට තවත් සමීප වුනා. මං අඩුම තරමේ දන්නේවත් එයා මොනා ගැනද කතා කරන්නෙවත් කියලා.. මං දැන් ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ එයාගේ උණුසුම ත් එක්ක...

මම පුදුම වෙන විදිහට එයා මගේ බෙල්ල සිපගත්තා. මං එයා කරපු වැඩෙන් රතුවෙන්න ගත්තා. මං ඉක්මනට බෙල්ල වහගෙන එයා දිහා බැලුවා, එයා ඒත් එක්කම ළාවට හිනාවෙන් මගේ කොණ්ඩෙත් එක්ක සෙල්ලම් කරන්න පටන් ගත්තා.

"ඇයි ඔයා ජිමින් එක්ක නැත්තේ?" මම ඇහුවා.

"එයා නිදි"

"ඔ-ඔයා සාමාන්‍යයෙන් එයාත් එක්ක නේද නිදාගන්නේ?"

එයා මුකුත් කියන්නේ නැතුව මගේ නළලට හාදුවක් දුන්නා. ඇයි එයා මෙහෙම හැසිරෙන්නේ?

මගේ තොල් සිපගත් එයා මාව තදින් බදාගත්තා. ඒ වගේම එයාගේ මුණ ත් මගේ බෙල්ල අස්සේ හංගගත්තා.

ජන්කුක් තාමත් මට ආදරෙයිද? මං ඒ සිතුවිල්ලත් එක්ක හිනාවුනා. මමත් එයාව මට ලංවෙන විදිහට බදාගෙන එයාව පළල් පපුවේ මුණ හංගගත්තා.

                 

My Hybrid | TaekookWhere stories live. Discover now