17.

737 150 24
                                    

"ඔයා හිතනවා ද ජන්කුක් ජිමින් ව එයාගේ හයිබ්‍රිඩ් විදිහට ගනී කියලා?" මං ඇහුවා.

යුන්ගී දිගු සුසමක් අරන් පිඟන් දෙකකට සුද්ද කරපු බිත්තර දෙකක් දාලා මේසය මත තැබුවා.

"මං දන්නේ නෑ ටේ!" එයා එහෙම කියලා මගේ ඉස්සරහින් ඇවිත් වාඩිවෙලා එයාගේ කම්මුල එයාගේ අත්ල මත තබාගත්තා.

මට ටිකක් අපහසුතාවයක් දැනෙන විදිහට එයා මං දිහා ටික වේලාවක් යනකල් බලන් හිටියා.

"මං කවද්ද ආපහු එහේ යන්න ඕන?" මං ඇහුවා.

"කවදාහරි ජන්කුක් ට එයා කරපු වැරැද්ද ගැන තේරැණාම" එයා ගෑරැප්පුවක් අරන් මගේ පිඟානේ තිබුණු බිත්තරේ කටට එබුවා.

"දැන් කන්න," එයා කිව්වා.

                    * * *

"ඔයාගේ කරවටේ තිබුණු රෙදි කැබැල්ලට මොකද වුනේ?" එයා ඇහුවා. මං මගේ බෙල්ල අතගාලා දුකින් එදා රාත්‍රීය ගැන මතක් කරගත්තා.

"..ඒක පිරිමි කෙනෙක් ඒකඅයින් කළා." යුන්ගී මං දිහා බැලුවේ ටිකක් පුදුමයෙන්. "ඔයා එයාට ඕන දෙයක් කරගන්න කියලා අතහැරියාද?" එයා ඇහුවා.

"මං දැනන් හිටියේ නෑ මොකක්ද කරන්න ඕනි කියලා, මං ඒ වේලාවේ හිතුවේ මං ජන්කුක්ගේ තාමත් හයිබ්‍රිඩ් ද කියලා... හැබැයි මං ඕන දෙයක් කරන්න කියලා අතෑරියා"

jungkook pov.

"ඔයා යුන්ගී ව ඔයාගේ boyfriend විදිහට හිතලා තියෙනවා ද?" මං ඇහුවා. එයා මගේ දිහා බලලා, මං අහපු ප්‍රශ්නේ ගැන ටික වේලාවක් හිතලා මුණ රතු කරන් ඔළුව හෙල්ලුවා.

"හැ-හැබැයි තවදුරටත් එහෙම නෑ, එයා හොඳ boyfriend කෙනෙක් විදිහට පෙන්නේ නෑ" එයා කිව්වා.

යුන්ගී ගොඩක් වෙලාවට භයානකයි සහ දරදඬුයි තමා, ඒත් මං දන්නවා එයාට හොඳ පැත්තකුත් තියෙන බව, මං හිතන විදිහට ජිමින් බොහෝම කලාතුරකින් වෙන්නැති යුන්ගී ගේ හොඳ පැත්ත දැකලා ඇත්තේ.

"..මං එක්කෙනෙක්ට ආසයි." එයා අනිත් පැත්ත හැරැනේ එයාගේ තද රතු වුනු කම්මුල් දෙකත් එක්කයි.

"කවුද?"

එයා මං දිහා කලබලයෙන් බැලුවේ දිලිසෙන රතු පාටක් තියෙන කම්මුල් එක්කයි. "ඔ-ඔයා.." එයා කිව්වා.

මං? මං දන්නවා මං ජිමින් ට හොඳට සැලකුවා කියලා ඒත් මං කීයටවත් හිතුවේ නෑ හැබැයි එයාට මේ වගේ හැඟීමක් මං ගැන ඇතිවෙයි කියලා.

ටේ මේ ගැන දන්නවාද?

"මටත් ඔයාගේ හයිබ්‍රිඩ් වෙන්න ඕන" එයා තවදුරටත් කියාගෙන ගියා. මං එයා දිහා පුදුමයෙන් වගේ බැලුවා.  "යුන්ගී දැනටමත් ඔයාගේ අයිතිකාරයානේ," මං කිව්වා.

"ඔයාට පුළුවන් මාව ගන්න.. ඒකට ලියකියවිලි ඕනේ ද?"

මං දිග හුස්මක් අරන් එයාගේ මැණික් කටුව ලඟින් අල්ලගත්තා. 

"ජිමින් ඔයා කියන විදිහේ ලේසි-අමාරැ දෙයක් නෙමේ මෙතැන තියෙන්නේ, තව ඔයාගේ අයිතිකාරයා යුන්ගී  එයා නපුරැ වුනත් දරදඬු වුනත් එයා තාමත් හොඳ අයිතිකාරයෙක් ඔයා වෙනුවෙන්"

"හැබැයි ඔයා හොඳයි සහ හුරැබුහුටියි, ඔයා ඇත්තටම මාත් එක්ක හුරතල් වෙනවා සහ මාව හිනැස්සුවා.. මං ඒකට ආසයි" මං එයා කියපු දේ ගැන හිතුවා. මං එයාත් එක්ක ගොඩක් එකට ඉඳලා... දැන් එයා මට කැමති වෙලා.

"ඔයා ටේ ට කිව්වා ද ඔයා මට කැමතියි කියලා?" මං ඇහුවා, එයා කලේ ඔළුව වැනුව එක විතරයි.

"මං කිව්වා ඔයාත් මට ඒ වගේම ආසයි කියලා.." එයා කිව්වේ ලැජ්ජාවෙන්. මං එයා දිහා ඉක්මනට බැලුවා.

"ඇයි ඔයා එයාට ඒ විදිහේ දෙයක් කිව්වේ?" මම කිව්වේ කේන්තිය පාලනය කරගනිමින්.

"ඔයා ත් කියන්න තව දවසක ඔයාත් මට කැමතියි කියලා"

මගේ මුණ හුළං ගිය බැලුමක් වගේ  වුනා ඒත් ඉක්මනට මං ඒක දිග හුස්මකි න් අතෑරලා දැම්මා.

"මං හිතුවේ අපි දෙන්නා යාළුවෝ වශයෙන් ඉන්න කට්ටිය කියලා.. මං ඔයාට කැමති යාළුවෙක් විදිහට" ජිමින් මං දිහා දුකින් බැලුවා.

මට නරක හැඟීමක් එනවා මං ගැන එයාගේ හැඟිම් වලට රිද්දුවට, ඒත් මං ඊට වැඩිය ටේ ගැන හිතනවා.

මං ජිමින් ගැන හිතනවා තමයි... හැබැයි එයා ටේ ට කියලා තියෙන්නේ වැරදි දේවල්. ටේ හිතන් ඉන්නේ මං ජිමින් ට ආසයි කියලා... ඒක තමා මෙතැන තියෙන ලොකුම ප්‍රශ්නේ

My Hybrid | TaekookWhere stories live. Discover now