15.

679 136 15
                                    

යුන්ගී මාව බදාගෙන ඉන්න අතරේම දොර එළියෙන් හිටන් ඉන්න ජන්කුක්ට මම අත වැනුවා. ජිමින් යුන්ගී පිටිපස්සට ගිහිල්ලා හැංගිලා එයා යුන්ගී කියලා දැක්කාම තොල් දෙක උල් කරගත්තා.

"යු-යුන්ගී..." ජිමින් කිව්වා.

යුන්ගි මාව නිදහස් කරලා මගේ ඉණෙන් අල්ලන් ඇවිදන් ගියා. ජන්කුක් දොර වහලා ජිමින් ගේ එහාපැත්තෙන් වාඩිවුනා.

"ඔයා ගෙදර යන්න ලෑස්ති ද?" යුන්ගී ජිමින්ගෙන් ඇහුවා.

ජිමින් නෑ කියන්න වගේ ඔළුව වැනුවා සහ ජන්කුක් ට තවත් සමීප වුනා. මට නම් කියන්න එපා ජිමින් ජන්කුක් ට ගොඩක් කැමතියි කියලා. මං යුන්ගී දිහා බැලුවේ තොල් දෙක උල් කරමිනු යි.

"ඒක ට කමක් නෑ එයා මෙහේ ගොඩක් කල් නැවතුනා ට" ජන්කුක් කිව්වේ මං දිහා බලන ගමනු යි.

යුන්ගී මුකුත් කිව්වේ නෑ. ජන්කුක් කිව්වා මටයි, ජිමින්ට යි මගේ කාමරේට යන්න කියලා..  මට අවංකවම එයාත් එක්ක එක කාමරේ තනියම ඉන්න ඕන කමක් නෑ.

මං මගේ කාමරේ දොර වහලා ජිමින් දිහා කලබලයකින් බැලුවා. මං දන්නේ නෑ ඇයි මම කලබල කියලා... සමහරවිට එයා මගේ තැන ගත්තු නිසා වෙන්නැති.

"...ඔයා ජන්කුක් ට කැමති ද?" මම ඇහුවා.

එයා ගල්ගැසුනා, හැබැයි එයා ඉක්මනට 'ඔව්' කියන්න ඔළුව වැනුවා. එයා දීපු උත්තරෙන් මගේ හදවත යම් බරකින් රිදුම් දෙන්න පටන් ගත්තා.

"හැබැයි ඔයාට යුන්ගී ඉන්නවා නේ."

"යුන්ගී කවදාවත් කියලා නෑ එයා මට කැමතියි කියලා." එයා කිව්වා.

"ජන්කුක් කිව්වාද එයා ඔයාට කැමති යි කියලා?"

එයා ආයෙත් ඔළුව වැනුවා. මට ඕන වුනා එතැන අඬන්න, හැබැයි එකෙන් මං මෝඩයෙක් වගේ පේන නිසා මං එහෙම කලේ නෑ.

"ජ-ජන්කුක් මගේ අයිතිකාරයා" මං කිව්වා.

මගේ කටහඬ වේවලනවා. ඒක ගොඩක් අමාරැ දෙයක් වුනා මගේ කටහඬ ස්ථාවර ව පවත්වාගන්න හැබැයි ඊටත් වඩා ලෝකේ අමාරැම දේ වුනේ කදුළු එළියට එන්න දෙන්නේ නැතිව දරන් ඉන්න.

"..ඔයා ට තවදුරටත් ඔයාගේ කරවටේ තිබුනු රෙදි කෑල්ල නෑ නේ"

"ඔයාට යුන්ගී ව මඟහැරැනේ නැද් ද?"

මට කේන්තිය ටිකෙන් ටික නගින්න ගත්තා, මට ඕන වුනා ජිමින් ට ගහන්න, ඒත් ජන්කුක් මට කිව්වා 'එතැන මොකක් හරි ප්‍රශ්නය ක් නම් කතා කරලා විසඳන ඒක තමා හොඳම විසඳුම' කියලා.

"ම-මට ඕනි ජන්කුක් ගේ හයිබ්‍රඩ් වෙන්න"

jungkook pov.

"ටේහාන් ගේ විදිහ වෙනස් වෙලා ද?" යුන්ගී ඇහුවා.

"ඔව්, එයා කටට කට ගහන් එන්න පුරැදු වෙලා සහ ප්‍රශ්න ඇති කරවනවා, එයා ජිමින්ට ත් නපුරැ වෙන්න පටන් ගෙන"

"ඒ හැමදේයකටම හේතුවක් තියෙනවා, දන්නවාද ඒක?"

"ජිමින් ට නපුරැ වෙන ඒක??... ඒහෙනම් ඒක සුපිරි නිදහස් කරැණක් වේවි"

මං කියපු දේ ට යුන්ගී ඇස් දෙක රෝල් කරලා බැලුවා.

"ඇයි ඔයා ජිමින් එක්ක එකට ඉන්නේ, ඔයාට ඕනි වෙලාද හයිබ්‍රිඩ් ලා ව මාරැකරගන්න?"

ඒ ප්‍රශ්නයෙන් මං පුදුම වුනා. ඇයි මං ටේ ව දෙන්නේ,?

"ඇයි මං නිකන් අත්හරින්නේ ටේහාන් ව ඔයාට?"

"ඔයා ඔයාගේ සම්පුර්ණ අවධානය ජිමින් ට දෙන නිසා" එයා කිව්වා.

මට ඇහුනා ටේ ගේ කාමරේ දොර ඇරෙනවා. මං බලන් හිටියා ටේ යුන්ගී ගාවට එයාගේ ඔළුව පාත් කරන් එන හැටි.

"මොකක් ද ප්‍රශ්නේ?" යුන්ගී හෙමින් ඇහුවා.

"මට පුළුවන් ද ඔයා ත් එක්ක එන්න?"

යුන්ගී පැති හිනාවක් ගහලා හිස සෙලෙව්වා.

"අනිවාර්යෙන්ම, ඔයා ට පුළුවන්"


                        * * *

මේක දෙන්න කියලා බල කරපු නසරානියෝ සෙට් එකට ඕං දුන්නා...😇😇❤❤

_jeon10_v17 ❤

My Hybrid | TaekookWhere stories live. Discover now