20 (Ver.1)

697 128 5
                                    

"ම-මට යුන්ගී ව ඕනි" ටේ කිව්වා ත් එක්කම මං එතැනම ගල් ගැසුනා. මගේ හදවත හයියෙන් ගැහෙන්න ගත්තේ එයා දැන් කියපු දේ නිසයි.

"...ඇයි?."

"මට ඕනි එ-එයා ආපහු මාව බදාගන්නව ට" එයා මගෙන් තවදුරටත් බදාගැනීම්, සිපගැනීම් ඉල්ලන්නේ නෑ. එයාට ඕනි හැමදෙයක්ම තිබුණේ යුන්ගී ගාව. ඇයි මං මෙච්චර මෝඩ?

මං එයාව ගොඩක් නරක විදිහට තනි කරවලා දාලා අද එයාට වෙන කෙනෙක්ගේ පහසක් ඕන වන තරමටම..

"මට පුළුවන් ඔයා ව බදාගන්න" මං කිව්වා. එයා 'එපා' කියන විදිහට ඔළුව හෙල්ලුව ම, ඒ එයා දිපු පිළිතුරෙ න් මගේ මුළු හදවත ම පුපුරන්න වගේ බර වුනා.

මං එයාව කෑලි කෑලි වලට බිඳලා. මං එයාට හඟවලා මං එයාට තවදුරටත් නොමැති බව...හැබැයි ඇත්ත නම් 'මට තාමත් ඔයාව ඕනි ටේ' විතරමයි...

* * *

"ඔයා මොකක් ද මෙතැන කරන්නේ?" මං ඇහුවා, යුන්ගී ගේ ඇතුලට ඇවිල්ලා ටේ ගැන ඇහුවා. මං ඕනි වුනේ නෑ ඒ වේලාවේ ටේ ට කතාකරන්න සහ ඇරත් මට අවශ්‍ය වුනේ නෑ ටේ යුන්ගී ලඟ ඉන්නවා බලන්න.

යුන්ගී ගොරවලා ටේ ගේ කාමරය පැත්තට ඇවිදන් ගියා. මම ත් ඉක්මනින් ම යුන්ගී ගේ පිටිපස්සෙන් යන්න ගත්තා, මොකද එයාව ඉක්මනට නවත්තන්න උවමනා නිසා. මං දැක්කා යුන්ගි ගේ අතේ ටේ ගේ ආසම සෙල්ලම් බඩුව 'ටාටා' ව.

යුන්ගී ටේ ගේ කාමරේ දොර ඇරියාම දොර ඉස්සරහ හිටන් හිටපු ටේ ගේ මුණේ හිනාවක් ඇදුනේ ඉබේමයි. මං බලන් ඉද්දීම ටේ ඉතාමත් තද බදාගැනීමක් යුන්ගී ත් සම‍ඟ කලේ මාව කේන්තියට පත්වෙන ලෙසයි. මට ඒ වේලාවේ ආපු කේන්තියට සට ඕනි වුනා දෙන්නාව දෙපැත්තට වෙන් වෙන විදිහට තල්ලු කරන්න සහ ටේ ව බදාගන්න, ඒත් මට ඒ වැඩේ කරගන්න බෑ!!

යුන්ගී එයාට එයාගේ අතේ තිබුණු ටාටා ව පෙන්නුවා. එයාගේ මුණේ තිබුණු ගොඩක්.... දීප්තිමත් සහ සතුටු බාවයක් රැස් කලා. මං ඒ දේ ගොඩ කාලයකින් දැක්කේ නෑ..

"මට ඔයාත් එක්ක ඉන්න ඕනි.." ටේ කිව්වා. මගේ හදවත සම්පුර්ණයෙන්ම බිඳිලා ගියේ ආයේ ඒ කෑලි හොයාගන්න බැරිවෙන්න.

"ඔයා ට මං ඉන්නවා" මං කිව්වේ දුකින්.

"ජන්කුක් එපා," යුන්ගී කිව්වා.

"ඔයා එයාට විශ්වාස කරවන්න සලස්වලා ඔයාට එයාව තවදුරටත් ඕනේ නැති බව" මං එයාට සලවස්සලා ඇත්ත නොවන වෙන දෙයක් විශ්වාස කරවන්න.. මං මටම වෛර කරනවා.

"ඒ කියන්නේ ඔයා හදන්නේ මෙයා ව අරගන්නද?" මං කිව්වේ යුන්ගී ගේ දිහා බලන්නෙවත් නැතුව.

මං දැනටමත් මේ නිහඬතාවයෙන් පිළිතුර හොයාගත්තා. මං කේන්තියෙන් ම ඒ කාමරෙන් එළියට ගියා.

"ටේ ට තවදුරටත් ඕනි නෑ ඔයාත් එක්ක මෙහේ ජිවත් වෙන්න, ඒක ඔයාගේ වැරැද්ද ජන්කුක්!" යුන්ගී කෑගැහුවා.

මං නානකාමරයට ගිහින් දොර වහගත්තා. මං මගේ දිහා එතැන තිබුණු කණ්ණාඩියෙන් බලන් හිටියා. මගේ ඇඟ රත්වෙන්න පටන් ගත්තේ තිබුණු කේන්තිය නිසයි. මං එතැන දත්බුරැසු දාලා තිබුණු කොප්පේ අරන් හයියෙන් එහාපැත්තේ තිබුණු බිත්තියට දමලා ගැහුවා.

ඊළඟ තත්පරේ ගත්තු සුසුමන් පවා ගොඩක් බර වුනා.

මට ඊළඟ තත්පරේ ඇසුනේ ඉස්සරහ දොර වැහෙනවයි. මං ආයෙමත් සැරයක් මං දිහා කණ්ණාඩියෙන්ම බැලුවා. මං බලන් හිටියේ අන්තිමේට මගේ දුක සහ කේන්තිය කදුළු විදිහට ඇස් දෙකෙන් රෑටා වැටෙන දිහායි. මට අඩුම තරමේ මගේ මුණ බලන්නවත් ඕනි වුනේ නෑ!!

මං නානකාමරයෙන් එළියට ගියා ම මට දැනුණු එකම දේ ගේ තුළ තිබුණු පාළුව සහ හිස් බව පමණයි. මං ටේගේ කාමරය ඇතුළට ගියාම ඒකත් බාගේට හිස් බවක් අරන් තිබුණත් ටේ ගේ සුවඳ තාමත් මගේ නහයට දැනෙන නිසා ඒක සම්පුර්ණ හිස් බවින් බේරිලා තිබුණා. ඒත් එක්කම මං දැක්කේ තමයි ටේ ගේ දම්පාට රෙදි කැබැල්ල ඇඳේ එහාපැත්ත මේසයේ තිබුණු ඒකයි.

මං මගේ සහ ටේ ගේ සතුට විනාශ කරලා දාලා තිබුණා. අපි දෙන්නා ම අපි දෙන්නාට ගොඩක් ආදරය කලා...හැබැයි මං ඒක කඬලා බිඳලා දැම්මා. මං බිඳලා දැම්මා තිබුණු හැමදෙයක් ම.

මං දැන් තනියම... මට මේක ලැබෙන්න, දැනෙන්න ඕනි දෙයක්..

ටේ දැන් යුන්ගීගේ~

*The End* ❤

pt.1

(A/N)

ජිමින් තවමත් යුන්ගී සමඟ ජිවත් වෙනවා..





ළමයි මේක නෙමේ අවසානය, තව පාට් 3 ක් මේ පොතේ අවසානයට තියෙනවා..ඒක නිසා මේක කියවන ළමයි library වලින් මේ පොත අයින් කරන්න එපා..ආපහු පුළුවන් වේලාවක අර පාට් ටික දානවා..

love you 🙂❤





My Hybrid | TaekookWhere stories live. Discover now