16.

688 136 13
                                    

මං ටේ යි, යුන්ගී යි දෙන්නා යනවා බලන් හිටියා, මට ගොඩක් අවුල් වුනා එයා වෙන පිරිමියෙක් එක්ක පිටත් වෙනවා දැක්කාම. ජිමින් මගේ එහාපැත්තේ වාඩිවෙලා මං දිහා බලන් ලාවට හිනාවක් මට සංග්‍රහ කලා.

"එන්න, අපි යමු නිදාගන්න", මං එහෙම කියලා නිදන කාමරයට ගියා.

                     * * *

මං මගේ අත උඩ නිඳන් ඉන්න ජිමින් දිහා බලන් හිටියා. එයාගේ ඇස් උඩ වැටිලා තිබුණු කොණ්ඩ කැරළි ටික අයින් කරපු මම දිග හුස්මක් අරන් මගේ අත පරිස්සමට ජිමින් ව නින්දෙන් ඇහැරවන්නේ නැතිව ගත්තා.

මං ටේ ගේ හදවත ක ආකාරයට තිබුණු සෙල්ලම් බඩුව අරන් එයාගේ කාමරයට ගියා. එයාගේ ඇඳේ දිගාවෙලා සෙල්ලම් බඩුවත් මං තදින් බදාගත්තා.

මං දන්නවා ටේ නැතුව මේ ගෙදරම ගොඩක් හිස් වෙන බව..
"මොකද ඔයා ඔයාගේ මුළු අවධානය ම ජිමින් ට දෙන නිසා". මං ඇත්තට ම ජිමින් ට මගේ මුළු අවධානය ම දුන්නා ද? මං ඇත්තටම දන්නේ නෑ මං මොනව ද කලේ කියලා!!

ටේ ට තිබුණා එයාගේ හැඟිම්, එයාට දැනුණු විදිහ මට කියන්න.. එයා මට හැමදේම කියනවා...නැත්නම් මං මෝඩ වුනා ද එයාගේ හැසීරිම, එයාගේ හැඟීම් තේරැම් ගන්න බැරිවෙන්න.. එහෙනම් පුදුමයක් නෑ එයාට ජිමින් ව එපාවෙන ඒක ගැන.





මට හිතාගන්න බැරිව ඉන්නේ ඒ දෙන්නා මොනා කරනවා ඇත් ද කියලා?? එහෙම හිතමින් මං ටේ ගේ සෙල්ලම් බඩුවත් තුරැලු කරන් එයාගේ නිදාගත්තා.

Taehyung pov.

මම කවදාවත් වෙන කෙනෙක් ගේ ගෙදරක නිදාගෙන නෑ. ඒ හැඟීම නිකන් කරදරයක් වගේ.. යුන්ගී හිතුවා ට වඩා ඇත්තටම ලස්සන චරිතයක්. එයා අපි වෙනුවෙන් රෑ කෑම එකත් ලෑස්ති කලා වගේම මාත් එක්ක ටික වේලාවක් කතා ත් කලා.

මට අන්තීමේදී සුවපහසු හැඟීමක් ආවා... නමුත් මගේ හිත රිදුනේ ජන්කුකුයි, ජිමිනු යි තනියම එකට ඉන්න ඒකට යි.. මට ගොඩක් සතුටුයි යුන්ගී මගේ හැඟීම් තේරැම් ගත්තු ඒකට.

මේ තමා මං පළවෙනි වතාව ට යුන්ගී ගේ මෘදු චරිතය දැක්කේ. මං ආසයි යුන්ගී ගේ දරදඬු චරිතය ට වඩා මේ මෘදු චරිතයට මොකද ඒක ගොඩක් හොඳයි ඒ දරදඬු චඑතය ට වඩා. ජන්කුක් කිව්වේම හැමතිස්සේ ම මට යුන්ගී කියන්නේ භයානක චරිතයක් කියලයි.

"ඔයා ජිමින් ට ආදරෙයිද?" මම ඇහුවා.

".. මට ඒහෙම හැඟීමක් නෑ"

යුන්ගී කවදාවත් කා ඒකකවත් ආදරෙන් බැඳීලා නෑ. එයා තනිකඩව ඉඳලා තියෙන්නේ, ජිමිනු ත් එයාගේ ගෙදර එයාත් එක්ක තනියම ජිවත් වෙලාත්.  ඒ දෙන්නා ඒ දෙන්නාගෙන් කිසිම කෙනෙක්ට ආකර්ෂණය වෙලා නෑ.

යුන්ගි සෝෆා එකේ දිගාවෙලා මං දිහා බැලුවා. එයා එයාගේ අතින් මගේ ඇස් දෙක වෙළාගෙන තිබුණු කොණ්ඩ කැරළි ටික අයින් කලා.

"ඔයා ජන්කුක් ට ගොඩක් ආදරය කරනවා නේද? හහ්?"

"ඔ-ඔව්"

ඔව් අනිවාර්යෙන්ම මං ජන්කුක් ට ආදරය කරනවා තමයි. ජන්කුක් මට ආරක්ෂිත හැඟීමක් සහ එයාව හැමතිස්සේම මට ඕන කරවන හැඟීමක් මගේ හිතේ හැදුවා, හැබැයි දැන් ඒ දේවල් වෙනස් වෙලා.

"එයා ගැන ගොඩක් හිතන්න යන්න එපා ඒකෙන් වෙන්නේ ඔයා දුක් වෙන විතරයි"

මං කොහොමද එයා ගැන නොහිත ඉන්නේ? එයා ඉන්නේ දැන් වෙන හයිබ්‍රිඩ් කෙනෙක් එක්ක මං  ඉන්නේ ඒ හයිබ්‍රිඩ් ගේ අයිතිකාරය ත් එක්ක, මේක වෙන්න ඕන එකක් නෙමෙයි.

ජන්කුක් සහ ජිමින් ඒකට තනියම ඉන්නවා කියන හැඟීම මාව මං පරදිනකල් මාව දුවවනවා. මං අනිත් හයිබ්‍රිඩ් කට්ටියත් එක්ක යනවා ට වඩා මෙහේ නවතින ඒක හොඳයි.

"අපි යං බුදියගන්න" එයා එහෙම කියලා එයාගේ කාමරයට මාව අරන් ආවා.

_jeon10_v17 🌹❤

My Hybrid | TaekookWhere stories live. Discover now