18.

695 137 14
                                    

"මෙන්න." යුන්ගී එහෙම කියලා මගේ අත උඩ දම්පාට රෙදි කැබැල්ල තිබ්බා.   "ඔයා මේක කොහොමද, කොහෙන් ද හොයාගත්තේ?" මං ඇහුවා.

"බාර් එකේ දී" මගේ මුණේ තිබුනු හැඟීම වෙනස් වුනේ එදා රාත්‍රීය මතක් වුණාම යි.

"ඒගොල්ලෝ ඒක විසික් කරලා තිබුනේ නැද් ද?" මං ඇහුවා, එයා එතකොට එහෙම නෑ කියලා ඔළුව දෙපැත්තට වැනුවා.

"ඇයි ඔයා මේක මට දෙන්නේ?"

"ඇයි ඔයා මේක ගණන් ගන්නේ නැද් ද?" එයා ඇහුවා. මං ගණන් ගන්නවා.. මට ඇත්තටම සතුටුයි එයා මේක හොයාගත්තු ඒක ගැන.

"මට මේක වටිනවා...ඒත් ඇයි ඔයා මට මේක දුන්නේ? හරිනම් ඔයා දෙන්න ඕනේ මේක ටේ ට නේ"

"ඔයා තමයි මේක එයාට දෙන්න ඕන කෙනා, එයා ඔයාගේ හයිබ්‍රිඩ්"

  

                      *   *   *

ජිමින් සහ මම කතා කලේ නෑ. එයා තාමත් ඉන්නේ අවුලෙන් එදා වුනු කතාබහ නිසා...මට ඒ ගැන නරක හැඟීමක් එනවා...ඒත් මේ මුළු ඔක්කොම වැරදීමක්.

ටේහාන් මට බොහෝම අඩුවෙන් කතාකලේ ජිමින් මෙහෙට ආවට පස්සේ, මං ඇත්තටම එයාව නොසලකා හැරියා ද? නැත්නම් එයා එයාගේ හැම වේදනාකාරී හැඟීමක් ම මුළු දවසේම මගෙන් හැංගුවා ද?

මං එයාට කෑ ගැහුවා සහ එයාට නිතරම ඔයා කරදරයක් කියලා. මම අඩුම තරමේ ඒ වේලාවේ එයාගේ හැඟීම් ගැනවත් හිතුවේ නෑ.  ජිමින් කියන්නේ අපේ අමුත්තෙක්, මට ඕනි වුනා ටේ එයාට හොඳට සලකනවා බලන්න.

මට ඕනි වුනා ජිමින් ට අපි ත් එක්ක ඉන්න සුවපහසු හැඟීමක් ජිමින් තුළ ඇතිකරන්න. මගේ හදවත බර වුනේ ටේ ගේ කැමති ම සෙල්ලම් බඩුව ගැන මතක් වෙද්දීයි. "ඔයා විතරයි මට ඉන්න එකම එක්කෙනා.." එයාට අනිවාර්යෙන්ම එයාගේ සෙල්ලම් බඩුව නැතුව පාළු දැනෙන්න ඇති.

"ඔයා ටේහාන් ට වැඩිපුර කැමති ද?" ජිමින් ඇහුවා. මං එයා දිහා බලලා ඔළුව වැනුවා.

එයා වේදනාකාරී හැඟීමක් පෙන්නුවා.

..ම-මට ගෙදර යන්න ඕන"

                       *  *   *

දොර ඇරැනු ගමන් වෙහෙසකාරී පෙනුමක් තිබුණු යුන්ගී ඇස් දෙක පොඩී කර කර අපිට එන්න කියලා කිව්වා.

"කොහේද ටේ?" මම ඇහුවා.

"මගේ කාමරේ" ඇයි එයා යුන්ගී ගේ කාමරේ ඉන්නේ? යුන්ගී ට තියෙනවානේ අමුත්තන්ගේ කාමරේ. මං පුදුම වුනා හැබැයි ඉක්මනට ඒ හිතුවිල්ල ට යන්න ඉඬ හැරියා.

ජිමින් හැමෝවම මඟ හැරගෙන එයාගේ කාමරේට ඇවිදන් ගියා.

"එයා අවුලෙන්," මං කිව්වා.

යුන්ගී හුස්මක් අරන් ඔළුව වැනුවා. "යන්න ගිහින් ටේහාන් එක්ක ලෑස්ති වෙන්න" එයා එහෙම කිව්වා මං කුස්සිය පැත්තට ඇවිදන් ගියා. මට ඕනි වුනේ නෑ නිදනකාමරයට යන්න.

"යුන්ගී-" ටේ කතා කළා, ඒත් එයා එකපාරටම නැවැත්තුවේ මේ මං යුන්ගී නෙමේ ජන්කුක් කියලා අඳුරගත්තාමයි.  මං එයාට මෘදු හිනාවක් දාලා එයාත් එක්කම බිම වාඩිවුනා.

එයා මගේ හදවත ටිකක් රිදුම් දෙන විදිහට මගෙන් අහක බලාගෙන හිටියා.  "යුන්ගී ඔයාට හොඳට හිටියාද?" මං ඇහුවා, මං මට පුළුවන් උපරිම තරම් එයාත් එක්ක කතාවට වැටෙන්න හැදුවා.

එයා එයාගේ ඔළුව වැනුවේ එයාගේ අත් දෙකෙන් එයාගේ මුණ ඇස් දෙක විතරක් පේන විදිහට වහා ගනිද්දියි. මං හිනාවුනේ එයා කරන මේ හුරැබුහුටි වැඩේ දැකලයි.. "එ-එයා ඇත්තටම හරිම sweet" එයා කිව්වේ හෙමිනුයි.  යුන්ගී sweet වෙලා? කවදාවත් දැකලා නෑ.

"යුන්ගි එයාගේ ඒ පැත්ත ඔයාට පෙන්නුවා ද? හහ්??"එයා බොහෝම කලාතුරකින් එයාගේ ඒ පැත්ත කෙනෙක්ට පෙන්නන්නේ, හැබැයි ප්‍රශ්නේ එයා ටේ විතරයි තාම ඒ විදිහට එහෙම එයාගේ හොඳ පැත්ත පෙන්නලා තියෙන්නේ..

මං මගේ සාක්කුවෙන් දම් පාට රෙදි කැබැල්ල අරන් ඒක එයාගේ කරවටේ දැම්මා. එයා ටිකක් ගැස්සුනේ මං එකපාරටම ඒක එයාගේ කරට දාපු එකටයි, හැබැවි ඉක්මනටම එයා පෙන්නුවේ පුදුම වුනු හැඟීමකුයි.

"අපි දැන් ගෙදර යමු" මං කිව්වා..


_________________

ඕන්න දුන්නා inbox ඇවිලලත් වදදෙන නසරානියෝ සෙට් එකට 😐😵🤐

My Hybrid | TaekookWhere stories live. Discover now