6.

693 138 4
                                    

"මම ජිමින්ව විනෝද උද්‍යානයට අරගෙන යනවා, ඔයාට එන්න ඕනද?" ජන්කුක් කිව්වා.

"..එයාත් එක්ක ගිහින් විනෝද වෙන්න" මම උත්තර දුන්නා.

"මං හිතුවේ ඔයා ගෙදර තනියම ඉන්න බයයි කියලා,"

මං මුකුත් කිව්වේ නෑ. එයා ටිකක් වෙලා ඉදලා, පිටත් වෙලා ගියා. මට ඇහුණා ඉස්සරහ දොර වැහෙනවා..... මං තනියම ගෙදර..

ජන්කුක් දන්නවනම් මං තනියම ගෙදර ඉන්න බයයි කියලා... ඇයි එයා මෙහේ නැවතුණේ නැත්තේ?

මං ඉක්මනට මාව වහගත්තා මගේ බ්ලැන්කට් එකෙන්. ඒක මගේ ආරක්ෂක කවය වගේ.. මේක තමා මගේ එකම ආරක්ෂාව මොකක් හරි නරක දෙයක් සිද්ද වුනොත්..

"මේක බය හිතෙනවානේ.. හහ්?," මං ටාටා ට කිව්වා.

"ඒකට කමක් නෑ, මං- මං ඔයාව ආරක්ෂා කරනවා ටාටා"

                     ***

මං නැගිට්ටා, ඒතකොට මට හම්බුණේ අඳුර.. දැනටමත් රෑ වෙලාද?? මං හිතන්නේ මං ගොඩක් වෙලා නිදියන්..

මට ජන්කුක් ගේ කටහඬ සාලේ පැත්තෙන් ඇහුණා. මං ඉක්මනට නැගිට්ටා, එයාට කියලා මාව බදාගන්න මට උවමනා වුණා.

ඇත්තටම ගෙදර තනියම ඉන්න ඒක ගොඩක් බය හිතෙනවා..  මං සාලේ පැත්තට අඩිය තිය තියා ගියේ ජන්කුක් එක්ක කතා කර කර ඉන්නයි ඒත් එකපාරටම මං නැවතුනේ ජිමින් ඒ වැඩේ කරනවා දැක්කමයි.

"අර උස ඒකේ යනකොට ඔයාගේ මුණ ඇත්තටම ගොඩක් විහිළුයි" ජිමින් හයියෙන් හිනා වුණා.

"කොහොමහරි මං අයිස්ක්‍රීම් මගේ ඇඟේ හලාගත්තේ නෑනේ,"

"ඒ-ඒක වැරදීමක්"

මං හිතන්නේ ජන්කුක් තාම මාව දැක්කේ නෑ. ඇයි යුන්ගී මෙයාව මෙහේ තියලා ගියේ? ඒ කියන්නේ ජිමින් අපි ත් එක්ක ජිවත් වෙන්නද යන්නේ?

.. මට ඕනි නෑ එයා අපිත් එක්ක ජිවත් වෙනවාට.

එයා ජන්කුක්ට මගෙන් ඈත් කළා. එයා මගේ තැනට ජිමින් ව දාගෙන, ඒකෙන් මාව එයාගෙන් ඈත් වෙනවා..

එකෙන් කියන්නෙ මං තවදුරටත් මං මෙහේ ජිවත් වෙන්න ඕන නැහැ කියන ඒක. ඇරත් ජන්කුක් මට 'සුභ උදෑසනක්, සුභ රාත්‍රියක්!' වත් කිව්වේ නෑ.

රාත්‍රීන් හාදුවන් නැහැ. තව එයා මාත් එක්ක අඩුමතරමේ නිදාගත්තේ වත් නෑ. එයා හැමතිස්සේම ජිමින් එක්ක.. ඔයාත් ආසද එයා තවත් ජිමින් එක්ක හුරතල් වෙනවා බලන්න?






මොකක් වෙයිද ජන්කුක් මාව අනිත් හයිබ්‍රිඩ් වරැ ගාවට යැව්වොත්.....

_jeon10_v17 ❤

My Hybrid | TaekookNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ