9.

675 135 6
                                    

මං ඉදිරියට ගමන් කර එතැන වාඩිවුණා. මට මගේ ටාටා ව අමතක  වුණා. මට ඕනේ එයාව මාත් එක්ක තියාගන්න, හැබැයි මට බෑ ආපහු ගේ ඇතුළට යන්න.

මං මගේ දණිස් දෙක පපුව ළඟට අරන් බදාගත්තා. මට ගන්න පුළුවන් තරම් උණුසුමක් මං ගත්තා.  මගේ බරින් පිරැණු ඇස් දෙකත් එක්ක මෙතැන ඉන්න තරමක් අපහසු දෙයක් වුණා.





මං රාත්‍රී අහස දෙස බැලුවා. ඒක තරමක්  බියකර පෙනුමයි, හැබැයි මං මට පුළුවන් උපරිමයෙන් නීර්භිත වෙන්න හැදුවා.

"ආහ්හ්...සමාවෙන්න ජිමින්, ඔයා ඇහරැණාද?"

මට ඒගොල්ලන් කතා කරන දේවල් ඇහුණා. දැනටමත් පාන්දර 1.00 යි වේලාව.. මං ජන්කුක් ට මාව මේ මැදියම් රෑ හොයවන්න කටයුතු කරවලා, ඒක නිසා තමයි ජිමිනා ඇහිරිලා තියෙන්නේ.


මට නිදාගන්න උවමනාවෙන් මං ඇස් දෙක පියාගත්තා..

                     * * *

මගේ ඇඟේ වටේ දැනෙන උණුසුම නිසා මම ඇහැරැණා. මං මගේ ඇස් දෙක ඇරියාට පස්සේ මට අඳුරගන්න පුළුවන් වුනා මං ඉන්නේ මගේ කාමරේ කියලා!

මං සාලේට එනකොට ජිමින් ජන්කුක් සොෆා එකේ හුරතල් වෙනවා දැක්කා, එකෙන් මගේ මුළු ආත්මයම දුකකින් වෙළාගත්තා.

"ඔයා හරිම ආදරණියයි"  ජන්කුක් කිව්වා.

මං ඉක්මනට ආපහු මගේ කාමරේට දුවලා ගියා, මොකද ර් දෙන්නාව මට බලන්න ඕන නැති නිසා. මම ගෙදරින් දුවලා ගියේ මේ හේතුව නිසා තමයි ඒත් මට ආපහු මේ ගෙදරටම ඇවිල්ලා ඒ දේම ආපහු බලන්න වෙලා!

ජිමින් කියන්නේ දුර්ලභ hybrid කෙනෙක්, ඔව් එහෙම තමයි.. ඒක නිසා එයා ගොඩක් විශේෂ කෙනෙක් වෙන්න ඕනි නේ..

මං මගේ ඇඳ පැත්ත දිහා බැලුවේ  මගේ ටාටා ව හොයාගන්නයි.. මට එයාව හොයාගන්න බැරිවුනු තැන මට උණ ගැනෙන්න ගත්තා.

මං ඉක්මනට සාලේ දිහාවට දුවලා ජිමින් දිහා බැලුවා. ටාටා එයාගේ එහාපැත්තේ ඉන්නවා.මං ගිය ඉක්මනින්ම ජිමින්ගෙන් ටාටා ව උදුරලා ගත්තා.

"ටාටා මගේ විතරයි!!!!" මං කෑගැහුවා.

ජිමින් මං දිහා පුදුම වුනු බැල්මකින් බැලුවා. ජන්කුක් ඒත් එක්කම ඇවිදන් ඇවිත් මගේ අත තදින් අල්ලගත්තා.

"එයාට කෑගහන්න එපා!" කේන්තියෙන් ජන්කුක් කිව්වා.

මං එයා දිහා දුකින් බැලුවා.

"..ඇයි ඔයා හැමතිස්සේම මං ගැන කේන්තියෙන් ඉන්නේ?!"

"මොකද ඔයා හැමතිස්සේම දැන් කරදරයක් වෙන නිසා!!"

මං දැන් කරදරයක්ද? මට ඕන වුනි ඔයාගේ අවධානයම විතරයි. ටාටා විතරයි මට ඉන්නේ.. ඒක නිසා තමයි එයාව හැමකෙනාගෙන්ම ආරක්ෂා කරන්නේ!!

"ඔයා දැනටමත් කරවටේ තියෙන  රෙදි කැබැල්ල ඉවත් කරලා, මම තාමත් ඔයාගේ අයිතිකාරයද??"

මං කෙලින්ම මගේ කාමරයට දිව්වා, මොකද ජන්කුක් මගේ කදුළු දකින්න ඕන නැති නිසා..

___________

මේක මං ලියනවා හොඳඳ??

ආ...ගොඩක් ළමයි inbox ඇවිල්ලා ඇහුවා මොකක්ද ටේ ගේ කර වටේ තියෙන රෙදි කෑල්ල කියලා?? 😆😆😆😅

ඒක තමයි ළමයි මේ කතාව අනුව hybrid කෙනෙක්ට තමන්ට අයිතිකාරයෙක් ඉන්නවා කියන්න  තියෙන දේය. හරියට අපිව අඳුරගන්න අපිට නමක් තියෙනවා වගේ..😅😅 තේරැණා ඇති නේ?!! 😍😍

_jeon10_v17 ❤🌹

My Hybrid | TaekookWhere stories live. Discover now