පහන් තරුව ...01

3.4K 273 17
                                    

පහන් තරුව....1

එක පාටරම අදුර වෙලා තිබ්බ  පාරෙ ගිය වාහනේක එලිය මූනට වදිද්දි ඇස් දෙක නිලන්කාර වෙලා ගිය නිසාම මන් තදින් ඇස් දෙක වහගත්තා...
ඒත් ඒ එලිය ඇස් වල තවම රැදිල  තියනව වගේ දනෙන්න ගත්ත නිසා මන් තදින් ඇහි පිය ගහන ගමන්  ඒක මගෙ ඇස් වලින් මග අරින්න හද හද ආපහු කාර් එක ඇතුලෙ තිබ්බ අදුරු ගතියට ඇස් දෙක හුරු කරගත්තා....

ගමන පටන් ගත්ත වෙලාවෙ ඉදන් තිබ්බ නිහඩ බව නැති කරල දාන්න වගේ කලුවර අහසෙ අකුනු පාරවල් ඇදෙද්දි කොහෙදෝ මන්ද තිබ්බ වතුර බින්දුවක් කාර් එකේ ජනේලෙ උඩට වැටුන ...
ඒක  වැහි පොදයක් වැටිල තත්පර ගානක් යනකොට මුලු කාර් එකම හේදිලා යන්න තරම් තද වැස්සක් වැටෙන්න ගද්දි වටපිටාව හරියට පැහැදිලිව පේන එකත් අඩු වෙලා ගියා....

මෙච්වර වෙලා කාර් එක ඇතුලෙ  ඒසී එක නිසා තිබ්බ සීතල සුවපහසු බව  දැන් පරිසරයෙ තියන සීතලත් එක්ක එකතු වෙලා ඇග වෙව්ලල යන තරම් සීතලක් කාර් එක පුරා ඇති කරද්දි මන් කාර් එක  ඉස්සරහ බැලුවෙ කටහඩ පාද ගන්න ගමන්...

" කපිල ......"

" ඔව් කියන්න සුදු බේබි...."

කාර් එකේ ඩ්‍රයිවර කාර් එකේ වේගෙ ටිකක් අඩු කරන ගමන් කිව්වෙ  ගැස්සිලා වගේ...

" සීතල ටිකක් වැඩී වගේ නේද ඒසී එක ටිකක් අඩු කරමු..."

" ආ හරි සුදු බේබි...."

එහෙම කියල එයා කාර් එක පරන වේගෙටම ගන්න ගමන් ඒසී එක අඩු කරල දැන්ම...

ටික ටික කාර් එක ඇතුලෙ සුවපහසු ගතියක් දැනෙන්න පටන් ගද්දි මම ආපහු  කාර් එකේ ජනේලෙට ඔලුව හේත්තු කරගත්තෙ වැස්ස දිහා බලන ගමන්..

වැහි පොද කාර් එකේ ජනෙල් වලට වැටිල තැනින් තැන වතුර බින්දු ඉතුරු කරල දාල ඉතුරු වැඩි හරිය ගසාගෙන යද්දි ඉතුරු උන වැහි බින්දු ජනේලෙ පබලු කැට අල්ලලා වගේ ඉතිරි වෙන් විදිහ හරිම ලස්සනයි නේද කියල මගෙ හිත මාත් එක්කම කිව්ව...
ඒ වැහි බින්දු ඒවට ලග ලගින් තියන අනික්  වතුර බින්දු එක්ක එකතු වෙලා ටිකක් ලොකු වැහි බින්දු වෙන විදිහ හරිම ආසාවෙන් මන් බලන් ඉදියෙ හිතට දැනෙන හුදකලා හැගීම ආසාවෙන් විදින ගමන්...

පහන් තරුව...Where stories live. Discover now