පහන් තරුව..9

978 195 3
                                    

පහන් තරුව ....9..

" පහන්... පහන්... "

ආදි මහ හයියෙන්  කෑ ගහල අහද්දි මන් පහල ඉදන් ඇයි කියල අහන ගමන් පඩිපෙල දිහාට ගියා..
හයියෙන් කතා කරද්දි තුවාල  රිදෙන්න ගන්න නිසා මන් කතාකරේ හිමින්..

" ඇයි බන් කෑ ගහන්නෙ මම පහල..."

ආදි පහල ඉන්න මාව දැක්ක ගමන් අඩියට දෙකට පඩිපෙල බැහැල මගෙ ලගට ආව..

" මොකද බන් මේ හොල්මනක් වත් දැක්කද...පිස්සෙ...."

මන් හිනාවෙවී  ඉතිරි ටික අහන්න හදද්දි ආදි ඇවිල්ල මගෙ ඇදන් ඉදපු ටී ශර්ට් එක ඉස්සුවා...

" මොකද බන් වෙලා තියෙන්නෙ..."

මන් ආදිගෙ මේ වැඩ තේරුම් ගන්න බැරිව අහද්දි ආදි බලෙන්ම මගෙ ටී ශර්ට් එක ගලවල පැත්තකට දැම්ම..

" මාත් අහන්නෙ මොකද කියල තමයි යකෝ බලපන් මේ...."
ආදි මගෙ ඇග දිහාට අත දික් කරල කියද්දි තමා මන් බැලුවෙ මොකක්ද මේ පෙන්නන්නෙ කියල..

තුවාලෙ වහල තිබ්බ ගෝස් එක සම්පූර්ණයෙන් රතු දුඹුරු ලේ පාටට හැරිල තියනව දකිද්දි මමත් ඒ දිහා බැලුව...

" උබට රිදෙනවද බන්.. "

ආදි මගෙ ලගටම ඇවිල්ල අහද්දි මන් ආදිගෙ  මූන් දිහා බැලුව..

" රිදෙනවනම් තමා බන් හෑම වෙලේම..මන් හිතන්නෙ තුවාලෙ පෑරෙන්න ඇති නිදන් ඉද්දි ...දැන් අවුලක් නෑ.."

මන් යන්තමට හිනාවෙන ගමන් කියද්දි  ආදි ආපහු කතාකරන්න ගත්ත..

" අවුලක් නෑ... අනේ මේ මගෙන් කුනුහර්ප අහගන්න එපා බන් මෙච්චර ලේ ගිහිල්ල අවුලක් නැති වෙන්නෙ කෝමද ..."

" ඒ තරම් ලේ ගිහිල්ල නෑනෙ බන් බලපන් ටිකනෙ.."

" ටිකක් වෙන්නෙ කෝමද යකො බලපන් උබේ ශර්ට් එකේ විතරක් නෙවේ මගෙ ඇදුම් වලයි ඇදේ බෙඩ් ශීට් එකෙත් ලේ තියනව... ඔබ මෙතන හිනාවෙනව.. විකාර නොකර යමන් හොස්පිටල්.."

" හරි ඉතින් අද කෝමත් බේත් දාන්න යනවනෙ හවසට ..."

" හවසට නෙවෙයි මේ දැන් යමන් මගෙ යකා අවුස්ස ගන්නෙ නැතුව..."

පහන් තරුව...Where stories live. Discover now