පහන් තරුව..17

844 167 3
                                    

පහන් තරුව....17

'මම දන්නෙ නෑ බන් මම මටම මෙහෙම කරගන්නෙ ඇයි කියල ඒත් මට බයයි මන් ආස  නෑ මිනිස්සු මාව දුර්වල කෙනෙක් විදිහට දකිනවට ඒකයි මේ ... මට සමාවෙයන්...'

මන් මගෙ හිතෙන්ම ආදිට කියන ගමන් ආදි අතේ තිබ්බ අයිස්ක්‍රීම් එක අරගත්තෙ හිනාවෙන ගමන්...

" අන්න හරි මන් ... ඔන්න ඔහොම හැමවෙලේම  ඉදපන්කො... අනික් අය ලගදි නැති උනත් අඩුම ගානෙ මන් ලගදි හරි..."

ආදි එයාගෙ අයිස්ක්‍රීම් එක අරන් මගෙ ලගට එන ගමන් කිව්ව...
මම ඒකට මොකුත් නොකිය එතනම එහායින් තිබ්බ බැම්මෙන් වාඩිවෙන ගමන් අයිස්ක්‍රීම් එක කන්න පටන් ගත්ත...
..............................................................

වොශ් එකක් දාගෙන ඇදට පැන්නහම මන් අමත්ක කරල දාන්න හදන ඒ ඇස් දෙකම මගෙ මතකෙට ආපහු ආව...

කොයි තරම් නම් හිත වෙන පැත්තකට ගෙනියන්න හිතුවත් ඒ මතකයත් එක්ක හිත මේ තරමටම් බැදිල තියෙන්නෙ ඇයි කියන එක මට මහා ප්‍රශ්නයක්...

' එයත් උබේ එකා සේවකයෙක් විතරයි එහෙනම් මොකද මේ එයාට විතරක් විශේෂයෙන්ම සලකන්නෙ..."
මන් මගෙ හිතෙන්ම දාස් පාරකට වඩා මන්තරයක් වගේ ඒක කිව්වත් එහෙම හිතල තත්පර ගානකින් ආපහු ඒ මතකයම මගෙ හිතේ ඇදෙන්නෙ ඇයි කියල මට හිතාගන්න බෑ...

එක පාරක් එයා හොදින් ඉන්නවද කියල බලන්න තිබ්බනම් කියල මගෙ මුරන්ඩු හිත ඉල්ල ඉල්ල කෑ ගහන අතරෙ මගෙ අතට අහුවෙන ෆෝන් එක ඔන් කරල දෙපාරක් නොහිතම මන් නම්බර් ගොඩෙන් ඒ නම්බර් එක හොයාගෙන ඩයල් කරා...
...............
...............
.....................

ෆෝන් එක රින්ග්ස් යන වාරයක් ගානෙ මගෙ පපුව මහ හයියෙන් ගැහෙන්ව...
මට දැනෙන්නෙ මට අතේ තියන ෆෝන් එක අල්ලන් ඉන්නත් බෑ වගේ.. ඒතරම මගෙ අත් දෙක ගැහෙනව...
ඇයි මෙහෙම වෙන්නෙ කියල මට ඇත්තටම හිතාගන්න බෑ...
ලන්කාවෙ විතරක් නෙවෙයි රට ඉන්න මිනිස්සු එක්ක උනත් කිසිම බයක් සැකක් නැතුව කටඩක කෙලින් තියාගෙන කතාකරන්න පුලුවන් මම.. මුලු ලන්කාවම  ටම ඇහෙන්න කිසි බයක් නැතුව කතාකරන මම ඇයි මේ මගෙ සේවකයෙන් ලගදි ගැස්සෙනෙනෙ කියල මන් මගෙනම අහගන්න ගමන් අත තද ක්‍රල මන් ෆොන් එක අල්ල ගත්ත...
........
"හලෝ....."
එක පාරටම ලයින් එකේ අනික් පැත්තෙන් ආන්සර් කරද්දි මාව ගස්සිලා ගියා...
ඒත් එක්කම කවුරු  හරි මගෙ රූම් එකෙ දොර ඇරන් එනව ඇහුන නිසා මන් දඩි බිඩි ගාල ෆෝන් එක කට් කරල ඇදේ පැත්තකට විසි කරා....

පහන් තරුව...Where stories live. Discover now