පහන් තරුව ..13

891 193 6
                                    

පහන් තරුව...13

කාබරේ ජනෙල් වහල තිබ්බත් එලියෙ තිබ්බ හුලග යන්තමට වගේ කාබරේ ඇතුලට ඇවිල්ල කාබරේම හීතල කරල තිබ්බ ඒ මදිවට ඒ  හුලන් පත්තුවෙලා තිබ්බ ඉටිපන්දමේ දැල්ල හෙලවල දැම්මෙ හරියට ඒ දැල්ල නිමල දාන්න වගේ... මන් ඒ හුලන් පාරට ඉටිපන්දම නිවෙන්න නොදී  තරූශ ඉදපු දිහාවට හැරුනෙ කරුවලේ එයාට ඇදුම හොයාගන පුලුවන් උනාද කියල හිත හිත...

කරුවලේම අත පත ගාල මන් තියල තිබ්බ අත් දිග ටී ශර්ට් එක හොයාගෙන ඒක බාගෙට ඇදගෙන ඉන්න් තරූශව දැක්කහමා මගෙ හිත පුරා ඇදිල ගිය සිතුවිලි හරියට ගලප ගන්න මට තේරුනේ නෑ... මට නිකන් දැනෙනු මෙච්චර  වෙලා  මට  දැනුන හීතල නැතිවෙලා මගෙ පපුව දිහා ඉදන් දැනුන උනුහුමක් මගෙ ඇග පුරා පැතිරෙනව වගේ....
බාගෙට අදින ටී ශර්ට් එකෙන් කවර් වෙලා නැති තරූශගෙ මස්පිඩු වලින් හැඩ උන ඇග දැක්කහම ... සුදු පාට ටවල් එක ඉන වටේට පටලගෙන ඉන්න තරූශව දැක්කහම ඇත්තටම හිතට එන හැගීම් ගලප ගන්න මට තේරුනේ නෑ.. ඒ හැගීම් ඒ තරම් මගෙ හිතට ආගන්තුකයි ...

මන් එක ඉටි පන්දමක් මගෙ ලගම තිබ්බ මේසෙන් තියල අනික් ඉටි පන්දම අතේ තියාගෙන අනික් අතින් එක කෝපි මග් එකක් අරගෙන හිමින් සැරේ සීතලට ගැහි ගැහි ඉන්න තරූශ ලගට ලන් වුනා...

නෑව උනාට බාගෙට පිහිදල තිබ්බ නිසා කොන්ඩෙ තිබ්බ තෙත ගතිය ඉටිපන්දම් එලියට තඹ පාට වෙලා  දිලිසි දිලිසි පෙනෙද්දි මන් ඒ දිහා බලාගෙනා තරූශ ලගට ලන් වෙද්දි එයත් මගෙ දිහා  බැලුව..
මට වඩා චුට්ටක්  උස නිසා මන් ඔලුව ටිකක් උස්සල මගෙ ඉස්සරහ ඉන්න තරූශගෙ ඇස් දිහ බැලුව..
ඒ ඇස් වලට ඉටිපන්දමෙ කහ පාට දැල්ලෙ එලිය වැටිල අමුතුම ලස්සනක් පේද්දි
ඒ ඇස් වල ලොකූ කතාවක් හැන්ගිලා  වගේ පෙනුමකින් එයා මන් දිහා බලන් ඉද්දි මගෙ හිත කෑ ගහල කිව්ව ඔය පපුවට තුරුල් වෙයන් කියල
ඒත් හිතට ආපු ඒ හැගීම එහෙමම මරල දාල මම අතේ තිබ්බ මග් එක තරූශගෙ දිහාට දික් කරා  ....

" තැන්කියු සර්..."
තරූශ ලස්සන් අමුතු විදිහකට කියල ඒක අතට අරගද්දි
මටත් නොදැනීම මගෙ අස්සෙ  හැන්ගිලා ඉන්න ඒ අහින්සක් කොල්ල එලියට ආව...

පහන් තරුව...Where stories live. Discover now