පහන් තරුව..24

715 157 3
                                    

පහන් තරුව....24

මගෙ උනුහුමට ගුලි වෙලා ඉදපු පොඩ්ඩව අක්ක මගෙ තුරුල්ලෙන් අරන්  වඩාගනිද්දි
මට මහ ලෝබකමක් දැනුන..
ඒත් එ හැගීම හිතේ හිර කරගෙනම මන් පොඩ්ඩගෙ සිනිදු කොන්ඩෙ යන්තම් අත ගාල අක්ක පොඩ්ඩව අරන් ගෙට යන දිහා බලන් ඉදිය..

..........................................................

ගේට් එක ලග ඉදන් කාර්එක දිහා බලන් ඉන්න තරූශ දිහා තවත් පාරක් හැරිල බලපු මම කාර් එක ඩ්‍රයිව් කරන්න ගත්තෙ  හුස්මක් හෙලන ගමන්..

වෙලාව බලන්න කියල හිතන් ෆෝන් එක අරන් බලද්දි තමා දැක්කෙ ආදිගෙන් මිස්කෝල් දහයක් විතර තියනව..

" අදනම් අහගන්නව හොදට..."

මන් මටම කියාගන්න ගමන්  ආදිට රීඩයල් කරා..

ඒත් රින්ග්ස් යනව විතරයි ආන්සර් කරන්නෙ නෑ....
ආපහු දෙපාරක් විතර කෝල් ගත්ත ඒත් ආන්සර් කරන පාටක් නෑ...
මන් ආපහු එක පාරක් කෝල් කරල ෆෝන් එක ආන්සර් නොකල නිසා කෝල් එක කට් කරල ෆෝන් එක පැත්තකට දැම්මා ..

.............................................................

කියාගන්න බැරි අමුතුම සතුටකින් මගෙ  හිතම පිරිල ගිහිල්ල කියල දැනුන...
මන් කාර් එක ඩ්‍රයිව් කලේ ගොඩක් සැහැල්ලුවෙන්...
නුපුරුදු පාරවල් පහු වෙලා ආපහු හුරු පුරුදු පාරවල් වලට වැටෙද්දි මන් කාර් එක් ආදිලගෙ ගෙවල් දිහාට හැරෙව්ව....
................................................

කාර් එක ගැරෙජ් එකෙන් නවත්තල මන් ආදිලගෙ ගෙදරට යද්දි වහලා තිබ්බ ඉස්සරහ දොර ඇරුන...

" ආ... පුතේ...කොහොද දරුවො මේ රෑවෙලා යන්නෙ ..."
ආදිගෙ තාත්ත දොර ඇරල මන් දිහා බලන් අහද්දි මගෙ අතක් නොහිතාම ඔලුව දිහාට ගියා...

කලබල වෙන වෙලාවට ඔලුව කසන එක මට පුරුද්දක් වෙලාද මන්ද දැන්...
මගෙ හිතන් මටම කියල අත පහලට දාන ගමන් මන් කතාකරන්න ගත්ත...

" අසනීප වෙලා ඉන්න යාලුවෙක් බලන්න ගියා... අනික තාම නවයනෙ මාමෙ..."

"  ඒත් දරුවො ... මේ වෙන දේවල් එක්ක පරිස්සම් වුනාට හානියක් නෑනෙ... දැන් ඒක වැඩක් නෑ එන්න ගෙට..."

පහන් තරුව...Where stories live. Discover now