පහන් තරුව..22

741 169 12
                                    

පහන් තරුව...22


"සුදු මල්ලි... එතකොට තරූශ ...."

මන් හීනෙන් වගේ අහද්දි අර අක්ක අමුතු විදිහකට හිනාවෙලා මගෙ ලගම තිබ්බ අනික් බංකුවෙන් වාඩි උනා..

" තරූශ මගෙ මල්ලි සර්.... තරූශ කියන්නෙ මගෙ හස්බන්ගෙ මල්ලි..."

මට ඒ වචන ටික කියනව ඇහුනෙ
හීනෙන් වගේ .. හීතේ තිබ්බ මහා බරක් එක පාරටම නැතිවෙලා ගියා වගේ තමා මට දැනුනෙ...
ඒ එක්කම හිත පුරා විසිරිලා තිබ්බ දුක තුනී වෙලා ගිහිල්ල හිත පුරා සතුටක් දැනෙද්දි මන් ආපහු කතාකරන්න ගත්ත..

" එතකොට පොඩි පුතා...."

" ආ චූටිද.. එයා මගෙ පුතා.... එයාගෙ තාත්ත තමා තරූශගෙ අයිය..."

අක්ක ලස්සනට හිනාවෙලා කියද්දි මන් ලොකු හුස්මක් හෙලුවෙ සැහැල්ලු වෙන හිත සනස ගන්න ගමන්.. ඒත් එක්කම මට මගෙත් එක්කම් කේන්තියක් දැනුනෙ හොයල බලන්නෙ නැතුව බොරුවට කලබල උනාට..
අනේ මන්ද මන් සාමාන්‍යයෙන් මෙහෙම කලබල වෙන කෙනෙක් නෙවෙයි ඒත්... තරූශ සම්බන්ද දේවල් වලදි මගෙ පරන පුරුදු ජීවිතය ටැරැක් එක් පන්නල පිස්සු නටන විදිහ මටම හිතාගන්න බෑ...

" එතකොට තරූශගෙ අයිය කෝ අක්කෙ..."

මන් ඉදපු කල්පනාවෙන් මිදිල ඇහුවෙ අක්කගෙ දිහා බලල ඒත් ඒ ලස්සනට තිබ්බ මූනෙ එක පාරටම අදුරු වෙලා යද්දි මන් ලොකු මෝඩ වැඩක් කරා කියන හැගීම මගෙ හිතට ආව...

"මගෙ හස්බඩ් නැතිවෙලා දැන් ටික කාලයක් වෙනව සර්... මේ අවුරුද්ද මුල් වගේ තමා සර් මගෙ මහත්තය නැති උනේ..."

අක්ක දුක හිතේ පුරවගෙන කියද්දි මගෙ හිතට මහ වරදකාරී ගතියක් දැනුනා..

" අයිම් සෝ සොරි අක්කෙ..."

මන් අක්කට කියද්දි එයා මන් දිහා බලල ඇස් වලට යන්තම් ආපු කදුලු ඇස් පිය ගහල නැති කරගෙනා හිනාවුනේ දුක හිතේ තියාගෙනමයි කියල මට දැනුන්...

" ඒකට කමක් නෑ සර්... සර් තේක බොන්න නැත්තම් නිවෙයි තේක...
මන් එහෙනම් ගෙට ගිහිල්ල බලල එන්නම් බාප්පියි පුතන්ඩියයි මොන පිස්සුවක් නටනවද දන්නෙ නෑනෙ...සර් තේක බොන්න.."
අක්ක එහෙම කියද්දි තමා මට මතක් උනේ මගෙ අතේ තේ කෝප්පයක් තියන බව...

පහන් තරුව...Where stories live. Discover now