පහන් තරුව...21

716 162 19
                                    

පහන් තරුව......21

තරූශ මට එන්න කියල කාර් එකෙන් බැහැල අර එයා ගත්ත පොත් ටිකත් අරන්  ගේ දිහාවට මම කාර් එකේ ඉදල එයා දිහා බලන් ඉදිය....

ටිකක් ලොකුවට තිබ්බ වත්තක් මැද්දට වෙන්න හදල තිබ්බ තනි තට්ටුවෙ ගෙයක් කාර් එක නවත්තපු තැනට ඉස්සරහින් තිබ්බ...
ගෙයි චාම් ගතියටම ගැලපෙන්න ලා ක්‍රීම් පාට ගාල තිබ්බ ගෙයි ඉස්සරහ තිබ්බ බුදු මැදුර වටේ පිච්ච මල් වැලක් එතිල තිබ්බෙ හරි ලස්ස්න් විදිහකට..
ගේ පිටිපස්සෙන් පේන පොල් ගස් ටිකත් එක්ක   අනික ගස් නිසා වත්ත පුරා අමුතුම නිසංසල හෙවනැල්ලක් වැටිල තිබ්බ.. එක වත්තෙ තුන් පැත්තක් විතරක් කොල පාට දැල් ගහල කවර් කරල තිබ්බ...
ඒ එක්කම ගෙයද කොනකින් පේන ලා අලු පාට බැම්මක් බැදපු ලිද අමුතුම ලස්සනක් ගෙදටර ගෙනාව කියල මගෙ හිත කිව්ව්

මන් හැමදාම හීන මවපු විදිහෙ තැනක් කාලෙකින් දැක්ක නිසා මන් කාර් එකෙන් බහින්නෙත් නැතුව ඒ ලස්සන විදගත්ත..මන් කාර් එකෙන් නොබැහැ ගේ දිහා බලන් ඉදපු නිසා මන් එන්නෙ නැත්තෙ මොකද කියල බලන්න වගේ

මගෙ දිහාට හැරිල බලල ලොකු දෙයක් කියන්නා වගේ බලන් ආපහු හැරිල තරූශ.. ගේ දිහාට යන්නා ගත්ත...

මමත් හිමිහිට කාර් එකෙන් බැහැල දොරත් වහල දාල ඉක්මන් ගමනෙන් තරූශ පස්සෙන් ගියෙ එයා මාව දාල යයි කියල බයෙන් වගේ...

මන් එනව දැකපු ගමන් තරූශ මගක් ගිහිල්ල නතර වෙලා ඉදිය..
මමත් ටිකක් ඉක්මන් කරල එතනට යද්දි තරූශ මාත් එක්ක හිනාවෙලා  ගේ දිහාට හැරුන..

" අප්පත්තී........."

හිත විනිවිදිල යන විදිහෙ අහින්සක සතුටක් පිරුනු කටහඩක් ඉස්සරහින් ඇහෙද්දි මන් ඔලුව ගැස්සෙලා ඒ දිහාට හැරුන ...

සුදු හා පැටියෙක් වගේ චූටි කොලු පැටියෙක් දූවගෙන ඇවිල්ල තරූශගෙ ඇගේ එල්ලෙද්දි  තමා මට වුන දේ හරියටම ඔලුවට ගියෙ...

එක පාරටම මට දැනුනෙ නිකන් හෙනයක් ගහනවා වගේ...
නිකන් මගෙ ලෝකෙම කැරකෙනව වගේ මගෙ පපුව මහ හයියෙන් ගැහෙන්න ගද්දි ඇස් දෙක බොදවෙලා ගියා..

මගෙ කන් දෙක පුරාම රැව් දුන්න එකම වචනෙ අප්පච්චි කියන වචනෙ විතරමයි...

පහන් තරුව...Where stories live. Discover now