පහන් තරුව...19

777 158 12
                                    

පහන් කනුව 19...

ආදි එකපාරටම ගැස්සිලා වගේ කටහඩ ආපු දිහාට හැරෙද්දි මමත් ආදි වගේම ඒ දිහා හැරුන..

අපි ඉන්නව දැක්ක නිසාද මන්ද ආපු කෙනා එතනම නතර  වෙලා අපි ලග හිටපු අංකල් දිහා බැලුව...

දිගට වවපු කොන්ඩෙල   නිදහසේ ලෙහල දාල..
සුදු පාට රෙද්දක තැබිලි පාටින් මල් වැටුනු බ්ලවුස් එකකුයි කලු සායකුයි ඇදල අමුතුම චාම් පෙනුමක් ඒක නිසා ඒ මූනට වැටිල තිබ්බ...
ඒකටම හරියන්න රෝස පාට උන කම්බුල්
හීනියට උල් වෙලා  තියන ඇහිබැම එක්ක පුදුමය පිරුනු ඇස් දැක්කහම ආදිගෙ හිත එක තත්පරයක්දි තේරුම් ගන්න මට පුලුවන් උනා...
මන් එහෙමම ආදි දිහා බැලුවෙ මගෙ සැකේ තහවුරු කරගන්න ..
මන් හිතුව වගේම ආදිගෙ ලොකු උන ඇස් දෙක එක ඇහි පිල්ලමක් වත් නොගහ ඒ ගෑනු ලමය දිහා බලාගෙන හිටිය..

" ආ ලොකූ... ඔයා ආවද..."

අපි ලග ඉදපු අංකල් කියද්දි තමා මට මතක් උනේ අපි ලග එයත් ඉන්නව කියල..
අර ගෑනු ලමයත් ඒ කටහඩට ගැස්සුනා  වගේ වෙලා පියවි සිහියට එද්දි මම ආදිගෙ උරහිස්සට මගෙ වැලමිටෙන් ඇන්නෙ එහෙම බලන් ඉන්නා එක හරි නැහැ කියල දෑනුන නිසා...

..................................................

මගෙ තට්ටුව නිසා ආදි ගැස්සිලා වගේ මන් දිහා බලද්දි එයාගෙ මූන පුරා විසිරුනු ඒ අහින්සක පෙනුම දැක්කහම මට දුක හිතුන..

" අප්පච්චි යන්න මන් මෙතන බලන්නම්..."

අර ගෑනු ලමය කියද්දි ආදිගෙ ඇස් සතුටින් දිලිසෙනව  මගෙ ඇස් කොනකින් මන් දැක්ක...

" ආ හරි දරුවො මන් එහෙනම් කැශියරෙක ලගට යන්නම්... මේ මහත්තයලට රෝස පැල ටිකක් පෙන්නන..

අංකල් එහෙම කියල යද්දි එයා ඔලුව වැනුවෙ හා කියන්න වගෙ..

" මොන වගේ රෝස පැලද බැලුවෙ මහත්තය..."

ගොඩාක් නිවුනු කටහඩකින් අහද්දි මන් හිනාවෙලා ආදිව ඉස්සරහට තල්ලු කරා...

දෙන්නව එක ලගින් තියල මන් ටිකාක් එහාට ගියෙ ඒ දෙන්න්ට තනි වෙන්න ඉඩ දීල..

මන් ටිකකින් බලද්දි දෙන්න එක්ක මල් ගැන ලොකු කතාවක් ඒත් ආදිගෙනම් අවදානෙ මල් වලට වඩා අර ගෑනුලමය ලග..
මන් හිතෙන් මටම කිය කිය පැල තවානෙ ඇතුලට වෙන්නා තිබ්බ මල් පැල බල බල ඉස්සරහට ගියා....

පහන් තරුව...Where stories live. Discover now