පහන් තරුව...14

852 180 2
                                    

පහන් තරුව...14


හිතේ කොනක තිබිල  ඒ වචන ටික මගෙ කටින් එලියට පැන්නද කියල මන්  දන්නෙ නෑ.. ඒත් ඒ හැම අකුරකම මන් නොදන්න මොකක්දෝ අමුතුම කතාවක් තියනව කියල මගෙ හිත කිව්ව..
මන් කටින් යන්තම් මුමුනන ගමන් තරූශගෙ කොන්ඩෙ එහාට කරද්දි මගෙ ඇගිලි යන්තමින්  එයාගෙ නලලෙ වැදුන...

ඇග පුරා අමුතුම හැගීමක් දැනෙද්දි මට මුලින්ම දැනුන එකම දේ එයාගෙ ඇග රස්නෙයි කියන එක...
ඒ රස්නෙ සාමාන්‍යයෙන් දැනෙන රස්නෙට වඩා  ගොඩක් වැඩී කියල මගෙ හිත කොනකින් කියද්දි මන් මගෙ අතේ නොපිට එයාගෙන නලලට තිබ්බ
එයාගෙ හමේ තිබ්බ සිනිදු ගතිය මගෙ අතේ නොපිටට හොදට දැනුන ඒත් ඒ සිනිදු බවට යටින් දැනෙන තද උනුහුම මගෙ අත පුරා පැතිරෙද්දි මන් තරූශගෙ  ඇගට අත තිබ්බෙ  කරන්න ඕනි මොනාද කියල හිතන්නත් කලින්...
.......................................................

ඇග කොයි තරම් රස්නෙ උනත් තරූශ සීතලෙන් වෙව්ලනව...
ඒ වෙව්ලන විදිහ දැක්කහමනම් මට බයත් හිතුන...
ලයිට් ඇවිල්ල තිබ්බෙ නැති නිසා  අතේ තිබ්බ ඉටිපන්දම මන් එතනම් තිබ්බ මේසෙ උඩින් තිබ්බ..

" තරූශ ... තරූශ ...නැගිටින්නකො..."
මන් මොකද කරන්නෙ කියල හිතාගන්න බැරිව තරූශව ඇහැරවන්න හැදුවෙ...
ඒත් එයා ඇහැරුන පාටක් නෑ.. වකුටු වෙලා වෙව්ලනව විතරයි...

මන් එයාට එහෙමම ඉන්න දීල ආපහු කරුවලේම උඩ තට්ටුවට නැග්ගෙ මගෙ ෆෝන් එක ගන්න ඒත් ඒකෙත් බැට්‍රි හොදටම බැහැල ඕෆ් වෙලා... මන් ආපහු මොකද කරන්නෙ කියල හිත හිත  පහලට ආව..
තරූශ වෙව්ලනව හොදටම..
මම ආපහු  එයාගෙ ඇගට අත තිබ්බහම මට දැනුනෙ උන පොඩ්ඩක් වත් අඩු වෙලා නැහැ කියල..

අනේ මන්ද මන් ගොඩක් කලබල වෙලා ඉදියෙ.. අඩුම ගානෙ කරන්න ඕනි මොනවද කියන එකවත් මගෙ ඔලුවට ආවෙ නෑ...
............................................................

ටිකක් වෙලා කල්පනා කරපු මම ඉටිපන්දම අතට අරගෙන ඉස්සරහ දොර ලගට ගියෙ එතනම මේසෙ උඩ තිබ්බ කාර් එකේ යතුර අතට අරගන්න ගමන්..

ඉස්සරහ දොර ඇරපු ගමන් කොහොද මන්ද ඉදල ආපු හුලන් පාරක ඇගේ වැදිල ඇග හිරිවට්ටගෙන යද්දි මන් ඒක හිතන්නෙ නැතුවම කාර් එක ලගට ගිහිල්ල කාර් එකේ ඩ්‍රයිවින් සීට් එක පැත්තෙ දොර ඇරල කාර් එකේ ලයිට් දැම්ම....

පහන් තරුව...Where stories live. Discover now