පහන් තරුව..33

711 160 9
                                    

පහන් තරුව....33


එක පාරටම ආදි  ඇවිල්ල මාව තුරුල් කර ගනිද්දි යාන්තම් හදන් තිබ්බ මගෙ හිත ආපහු කැඩිල යනව වගේ මට දැනුන
ඇස් වලට  කදුලු එනව මට දැනෙද්දි එහෙමම ආදිගෙන් පොඩ්ඩක් දුරස් උනා...

" ආදි තරූශට යන්න විදිහක් හදල දෙන්න... මන් උඩට යනව..."

මන් ඒහෙම කියල ඇස් වල හිර වෙලා තියන කදුලු තද කරන්ම ඉක්මන් අඩියෙන් දෙකෙන් ගේ ඇතුලට ගියෙ තරූශ ඉස්සරහ මට ආපහු අඩන්න බැරි නිසා...

මට ආපහු තරූශ ඉස්සරහ දුර්වල වෙන්න හිත දුන්නෙ නෑ... ඒ මොකද කියල කියන්න මට නොතේරුනත් තරූශ ලගදි මට දැනෙන ඒ හයිය හෑල්ලුවට දාන්න මන් කැමති උනේ නෑ.. ඒකමයි මන් තරූශ දිහාවත් නොබල යන්න ගියෙ...

...............................................................

මන් මගෙ රූම් එකට ඇවිල්ල ඇදන් ඉදපු ඇදුම ඔහේ ගලවල දාල අතට අහුවෙන එකක් ඇදගෙන ඇදට වැටුනෙ හිතේ හැටියට අඩනව කියල හිතන් ... ඒත් මොකක්ද මන්ද හේතුවකට මට අඩන්න බැරි උනා...

හැමෝම හිතනව කොල්ලෙක් උනාම හැම දේම දරාගන්න ඕනි ... අඩන එක කොල්ලෙක්ට ගැලපෙන දෙයක් නෙවෙයි කියල.. ඒත්... ජීවිතයෙ  අපි මූන දෙන් සමහර  දේවල් හිතෙන් දරාගෙන විතරක් ඉන්න පුලුවන් දේවල් නොවෙන අවස්තා ඕනි තරම අපිට හම්බු වෙනව... ඒ වෙලාවට  ඒ දුක අඩල පිට නොකලොත් ඇත්තටම අපිට පිස්සු හැදෙයි...
ඒක නිසා ජීවිතය දුක දරාගන්න බැරි ඕනම අවස්තාවක ගෑනු පිරිමි බේදයක් නැතුව අඩන එක වැරැද්දක් ලැජ්ජාවක් නෙවෙයි ...

මන් හිතෙන් මාත් එක්කම තර්ක කරන ගමන් මූන කොට්ටෙකට තද කරල තියාගෙන ඒ කොට්ටෙම තුරුල් කරගත්තා....

ඇස් වලින් ගලාගෙන ගිය කදුලු බින්දු වලින් කොට්ටෙ තෙත් වෙද්දි මන් නොසන්සුන් උන හිත ආපහුඑක තැනකට ගන්න ට්‍රයි කරා...
ඒත් එක්කම මගෙ කොන්ඩෙ කවුරු හරි ගොඩාක් හෙමින් අත ගානව දැනුන නිසා මන් ඒ දිහා හැරුනෙ කොට්ටෙන් මූන එලියට අරගෙන...

ඇස් වහගෙන ඉදපු නිසා එක පාරටම ඇස් වල්ට වැටුන ලයිට් එලිය නිසා මන් ඇස් පුංචි කරගත්තා...
ටිකෙන් ටික ඇස් දෙක ඒ එලිය එක්ක සංවේදී වෙනකොට  මගෙ ලගට වෙලා මගෙ ඔලුව අත ගගා ඉන්න ආදිව දැක්කහම මගෙ හිත ආපහු මහා අසරන කමකින් වෙලිල යද්දි මන් එහෙමම ආදිට තුරුල් උනා...
.................................

පහන් තරුව...Where stories live. Discover now