පහන් තරුව...20

813 167 11
                                    

පහන් තරුව...20


මන් මගෙ ඇගේ හැපුන කෙනා කව්ද බලන්න ඔලුව උස්සන  ගමන්ම එයාට සොරි කිව්ව...

" සොරි සර් මන් දැක්කෙ නැහැ..."

මගෙ ඇගේ හැපුන කෙනා ටිකක් පස්සට වෙලා කියද්දි මන් වශීවෙලා වගේ මේ ටික දවසෙ හැම තැනකම හොය හොය පිස්සු වැටුනු ඒ ඇස් දෙක දිහා බලන් ඉදිය..

ටිකක් වෙලා ගියහාම  තමා මට මතක් උනේ අපි මේ ඉන්න ඔෆිස් එකේ කියල...

" ඔයා.... ඔයා මොකද මෙහෙ කරන්නෙ..."

මන් මගෙ දිහා බලන් ඉන්න තරූශගෙන් ඇහුව..

වෙනදට හිනාවෙන් පිරිල තියන ඒ අහින්සක මූන තවම්ත් ලෙඩ පාට නිසා මැලවිලා ගිහිල්ල කියල මට හිතුන...
ඇස් වලනම් ඒ පුරුදු හිනාව රැදිල තිබ්බ ඒත් එයා ඉන්නෙ තවම අසනීපෙන් කියල තේරුම් යන්නනම් මට වෙලා ගියෙ නැහැ..

මන් තරූශගෙන් අහල ආපහු මගෙ කැබින් එක දිහාට යන්න ගියෙ එයා මගෙ පස්සෙන් එනවග දන්න නිසා..
මන් කැබින් එකට ගිහිල්ල පැත්තක තිබ්බ සෝෆා එකෙන් වාඩිවෙද්දි මන් හිතුව වගේම තරූශත් මගෙ පිටිපස්සෙන්ම කැබින් එකට ආව...

කැබින් එකට ආවට මිනිහ සද්දයක් නෑ..
මන් ඒක නිසා ආපහු කතාකාරා...

" මන් ඇහුවෙ  තමුන් මොකද මෙහෙ කරන්නෙ කියල..."

තරූශගෙ මැලවුන මුන දිහා බලන් ඉන්න බැරිනිසා මන් එලිය දිහා බලන් ඇහුව...

" මන් වැඩට ආව සර්..."

තරූශ ඉස්සරහ ඉදන් කියද්දි මන් ආපහු එයා දිහා බැලුව...

" එදා මන් තමුන්ට මොකක්ද කියල යැව්වෙ..."

මන් ආපහු සැර දාල තරූශ දිහාම බලන් අහද්දි එයා බිම බලාගත්ත...

කොයි තරම් ටෆ් වෙන්න හැදුව උනත් මේ මනුස්සය ලගදි මට මාවම පාලනය කරගන්න බැරි ඇයිද මන්ද...
මන් දිහා කෙලින් නොබල බිම බලාගන්න තරූශව දැක්කහම මට දුක හිතුන ..

" හොදටම හොද වෙලා වැඩට එන්න..."
මට මතක විදිහට නම් මන් එහෙම තමා කිව්වෙ..එහෙම නේද..."
මමම මගෙ ප්‍රශ්නයට උත්තර දෙන ගමන් තරූශ දිහ බැලුවහම එයා ඔලුව උස්සල ආපහු මගෙ දිහා බැලුව...

පහන් තරුව...Where stories live. Discover now