පහන් තරුව...5

1.1K 205 3
                                    

පහන් තරුව...5

හිතට කොහෙද මන්ද ආපු සිතුවිල්ල නිසා මන් ඇස් දෙක ඇරියෙ කිසිම හැගීමක් නැතිව...
ඇස් දෙක ඇරල වටපිටාව බලද්දි මට හරිම සැහැල්ලුවක් දැනුන...
ඒත් මට දැනුන මන් ඉන්නෙ කලුවරම කලුවර තැනක කියල..
ඇගම කිති කැවිල යන සීතලක් දැනෙද්දි මන් උනුහුමක් හොයාගන්න වගේ එහෙ මෙහෙ බැලුව ඒත් මගෙ වටේටම තිබ්බෙ අදුර විතරයි..
කිසිම දෙයක් නොපෙනෙන ගැබුරුම ගැබුරු  අදුරක්...

ඒ අදුරට මන් ටික ටික හුරු වෙනව වගේ දැනෙද්දි මට ඈතින් ලස්සන  එලියක් පේන්න ගත්ත...
ඒ එලිය හරිම ලස්සනයි හරියට ඉර එලිය ට තවත් දීප්තිමත් පාටක් එකතු කරල වගේ කියාගන්න බැරි තරම් ලස්සනයි...
ඒ දිහා බලන් ඉදිද්දි මට දැනුන ඒතනට ගියොත් මේ සීතල අඩු වෙලා යාවි කියල..
මට හිතුන ඒ එලියෙන් ලොකු උනුහුමක් ලබාගන්න පුලුවන් වෙයි කියල..

ඉතින්  මන් ඒ එලිය දිහාට ටික ටික යන්න පටන් ගද්දිම මට දැනුන ඒ දිහාට යන්න බෑ වගේ.. හරියට මාව ගැටගහල දාල වගේ මට දැනුන  ...
මන් කොයි තරම් නම්  ඒ දිහාට යන්න හැදුවත් මට යන්න පුලුවන් උනේ නෑ...
 
කොහොම උනත් මන් ඒ දිහාට යන්න හදන එක නතර කලේ නෑ.. මන් තව තවත් ඒ දිහාටම යන්න හදද්දි මට හොදටම දැනෙන්න ගත්ත මාව කවුරු හරි පිටිපස්සෙන් අදිනව කියල.. ඒ ඇදීම ටික ටික වේගවත් වගේම ශක්තිමත් වෙලා මාව තවත් අදුර දිහාටම ඇදෙද්දි මන් කෑ ගහන්න හැදුව... ඒත් කිසිම සද්දයක් මගෙ උගුරෙන් පිට උනේ නෑ...

මාව පස්සට ඇදිල ඇදිල යද්දි අර සුදු ලස්සන් එලිය මගෙන් ඈතට යන්න ගියා ටික ටික හෙමින් මගෙන් ඈතට යන්න ගිහිල්ල එක පාරටම මගෙ ඇස් වලට ආලෝකයක් නොපෙනෙන තරම් ගනකම අදුරක මාව තනි උනා..

මට දැනුන එකම දේ මගෙ මුලු ඇගම ගොඩාක් බරයි කියන දේ විතරයි  ...
ඒත් කලින් තිබ්බ සීතල වෙනුවට උනුහුමක් දැනෙද්දි මන්  ආලෝකෙ දිහාට ඇදිල යනව වෙනුවට අදුරෙ නවතින්න හිත හදාගත්තා...

.................................................................
  

සීතල ටිකෙන් ටික මැකිල යද්දි මට සැහැල්ලුවක් දැනෙන්න ගත්ත ... ඒත් ඒ සැහල්ලුව ටිකෙන් ටික අඩු වෙලා ඇගට මහා බර ගතියන් දැනෙද්දි මට වටපිටාවෙ වෙන දේවල් ටික ටික දැනෙන්න ගත්ත...

පහන් තරුව...Where stories live. Discover now