පහන් තරුව...35

745 156 8
                                    

පහන් තරුව....35

වෙඩි හඩත් එක්ක මගෙ කන් දෝන්කාර දෙද්දි....
ඇස් පිය උනත් මට ඇගෙ කිසි වේදනාවාක් නම් දැනුනෙ නෑ...

ඒත් එක්කම මගෙ මතකෙට ආවෙ ඇස් කොනකින් දැක්ක ඒ චායාව..
ඒත් එක්කම හිතම හිරි වැටිල යන බයක්  දැනෙද්දි මන් ඇස් ඇරිය....

...............................................................

මුලින් මට ලොකු දෙයක් පැහැදිලි උනේ නෑ...
මගෙ ඉස්සරහින් කෙනෙක් හිටගෙන ඉන්නව විතරයි මට පෙනුනෙ..
ඒත් ටික ටික ඒ ඉන්න කෙනාගෙ හුරු පුරුදු ගතිය දැනෙද්දි මගෙ පපුව මගා වේගෙකින් ගැහෙන්න ගත්තා...

" තරූශ ....."
මන් තරූශගෙ නම දෙපාරක් කිව්වෙ පලවෙනි පාර කටින් වචන පිටනොවුන නිසා...

"තරූශ...."

මන් දෙවනි පාරත කතා කරහම තරූශ මගෙ දිහාට යන්තම් හැරුන...

එයාගෙ ඒ මූනෙ තිබ්බ පෙනුම මට ඇත්තටම හිතාගන බෑ ... ඒ මූනෙ තිබ්බෙ හරිම සැනසිලිදායක  පෙනුමක්.. හරියට එයා ලොකු බරකින් නිදහස්  උනා වගේ...

ටිකක් වෙලා මගෙ දිහා බලන් ඉදපු එයා එක පාරටම වැටෙන්න යනව වගේ මට දැනුන නිසා මන් එහෙමම ඉස්සරහට පැනල එයාව අල්ල ගත්තා....
......................

කඩා හැලෙනා ගහක් වගේ එයා මගෙ ඇගට කඩන් වැටෙද්දි මන් එහෙමම එයාව අල්ලගෙනම බිමට පාත් උනේ  තරූශගෙ බර මට එක පාරටම මට දරාගන්න බැරි උන නිසා...

තරූශ මගෙ ඔඩොක්කුව උඩට අරගෙන මන් එයාව බිමට වැටෙන්න නොදී ඉන ලගින් අල්ලන්න හදද්දි එයා කෙදිරි ගාගෙන වේදනාවෙන් ඇබරෙද්දි මන් ටක් ගාල අත අරගත්තා....

අතට ලොකූ තෙත ගතියක් දැනෙන්න ගත්ත නිසා මන් මගෙ අත දිහා බලද්දි තමා මන් දැක්කෙ මගෙ මුලු අතම රතුවෙලා කියල අත විතරක් නෙවෙයි මගෙ ඇදුම් වල ඉදන් ලේ...
තරූශ ඇදන් ඉදපු තද කොල පාටට හුරු නිල් පාට ශර්ට් එක පුරාත්  ලේ වලින් තෙත් වෙලා ලොකු අදුරු පාට පැල්ලම් වැටිල තිබ්බ...
ලේ දැක්කහම මට මොනා උනාද කිය්ල මට හිතාගන්න බැරි උනා... මට දැනුනෙ මුලු ලෝකෙම මගෙ ඔලුව උඩට අත ඇරිය වගේ...
මට කියන්න දෙයක් කරන්න දෙයක් හිතාගන්න බැරි වෙලා තත්පර ගානක් යනකම් ගල් වෙලා වගේ ඉදිද්දි කවුරු හරි මගෙ කම්බුල යන්තම් අත ගානව දැනුන නිසා මන් ආපහු ඒකට අවදානෙ දුන්න...

පහන් තරුව...Where stories live. Discover now