පහන් තරුව ...36

709 157 8
                                    

පහන් තරුව. ...36

......................................................
කරුවල අහසෙ තවත් විදිල්ලක් කොටල ඒ එලියෙන් පරිසරේම එලිය වෙද්දි මන් දැනෙන වේදනාව දරාගන්න හදන ගමන් අනික් පැත්ත හැරෙද්දිම මට දැනුන මගෙ එහා පැත්තෙ කෙනෙක් ඉන්නව කියල.. මට මාවම පාලනය කරගන්න බැරුව මාව ඒ කෙනාගෙ ඇගට වැටෙද්දි එක අතකින් මන් තද කරල ඒ කෙනා ඇදන් ඉදපු ශර්ට් එකෙන් අල්ල ගනිද්දි  මගෙ ඇගේ බරට  ඒ කෙනා ඇදන් ඉදපු ඇදුනෙ බොත්තම් ගැලවීගෙනම ශර්ට් එකේ පැත්තක් ඇරිල පපුව නිරාවරනය වෙද්දි මන් බලන් එහෙමම බිමට වැටෙනව වගේ මට දැනුන....
ඒත් එක්කම ආපහු විදිල්ලක් කොටල මුලු පරිසරේම එලිය වෙද්දි ඒ එලිය අතරින් මන් දැක්කෙ අර කෙනාගෙ නිරාවරනය උන පපුවෙ කොටල තිබ්බ ඒ ටැටූ එක...
මල් වැලක් එක්ක හැඩ උන මකර රූපය මන් ඒ පොඩි වෙලාවෙ හොදටම දැක්ක... මොකක්දෝ හේතුවක් නිසා ඒ රූපය මගෙ හිතේ ඇදෙද්දි මට ඊලගට පෙනුනෙ ඒ කෙනාගෙ ඇස් දෙක...
ෆිල් ෆේස් හෙල්මට් එක යටින් පෙනුනු හීතල නිදිබර ඇස් දෙක මගෙ මතකයේ ගැබුරටම කා වදිද්දි මගෙ ඇස් ආපහු කරුවල වෙලා ගියා...

...............................................................

අතීතයෙ මතකයන් ආපහු උල්පතකින් වතුර උනනව වගේ මගෙ මතකෙට එද්දි මාගෙ හිත මහ හයියෙන් බෙරිහන් දුන්න...
මගෙ අත් සීතල වෙලා ඒක කොදු ඇට පේලිය දිගේ ඇදීගෙන යද්දි මගෙ මතකය එකින් එකට උන හැම සිද්දියක්ම පිලිවල කර කර හිස් වෙලා තිබ්බ ප්‍රෙහෙලිකාවක් පුරවන්න වගේ මෙච්චර කල් හිස් වෙලා තිබ්බ හිස් උන මතකයන් පිලිවල කරද්දි මන් නිදාගෙන ඉන්න තරූශ් දිහාම බලන් ඉදිය...

...................................................................

එකින් එක මතකයන් එකතු වෙලා එදා අර වැස්ස දවසෙදි මට පිහියෙන් ඇනපු කෙනාගෙ රූපෙ එක්ක තරූශගෙ තියන සමානකම් කියද්දි මට දැනුනෙ මගෙ කකුල් වෙව්ලනව වගේ...

ඔලුව කියාගන්න බැරි තරම් බර වෙද්දි  මගෙ මතකය අර තරූශගෙ ලස්ස්න ඇස් වලයි එදා මන් දැක්ක ඒ හීතල ගල් ඇස් වලයි සමානකම් එක එක කියද්දි...
ඒ කෙනා ගහල ඉදපු ටැටූ එකේ සමාන කම් මගෙ ඇස් දෙක ඉස්සරහම පේද්දි මන් ටිකෙන් ටික ටිකෙන් ටික තරූශ ලගින් ඈට් වෙලා පස්සට ගියා...

පහන් තරුව...Where stories live. Discover now