පහන් තරුව....27

712 164 3
                                    

පහන් තරුව 27...

ඒ කටහඩට ඇත්තටම  මන් හිතල උනා නෙවෙයි මාව නිකන්ම නතර උනා...
කියාගන්න බැරි ලොකූ ලෙන්ගතු කමක් ඒ වචන වලින් මට ඇත්තටම දැනුන ...
මන් එහෙමම අනික් පැත්ත හැරුනෙ ඇයි කියල අහන්න වගේ  මූන හදන්...

" ම්ම්ම්.... ඇයි..."

මන් අනික් පැත්ත හැරිල එකෙම ඇහුවහම තරූශ හිමින් හිමින් මගෙ ලගට ආව...

" නෑ .... මේකයි සර්...."

කොල්ල බයෙන් බයෙන් වගේ කියද්දි මට හිතෙන් හිනා...

" මේකයි මේකයි නොගා කින්න තියන දේ කියනව හලෝ... ෆෝසස් වල ඉදපු මිනිස්සු කෙලින් කතාකරන්න එපැයි ... අනික මන් කන්නෙ නෑනෙ ඔයාව...ඒක හින්ද කියන දෙයක් කෙලින්ම මගෙන අහන්න අද  ඉදන්..."

මන් තරූශගෙ මූන පුරා මැවෙන එක එක සිතුවිලි දිහා බල බලා කියද්දි කොල්ලගෙ ඇස් අමුතු විදිහට වෙනස් වෙලා මන් මීට කලින් නොදැකපු මොකක්දෝ මොරාල් එකක් ආව කියල මට දැනුන...

" නෑ පහන් සර් මේකයි... අද අපේ පොඩ්ඩගෙ බර්ත්ඩේ එක... ලොකුවට පාටි ගන්නෙනම් නෑ හැබයි අක්ක හැම අවුරුද්දකම ලමා නිවාසෙකට කෑම දෙනව පුතාගෙ උපන් දිනේට... ඉතින් .. සර්ට වැඩක් නැත්තම් අද අපේ ගෙදර එන්නවද රෑ වෙලා......

අනික පුතත් ගොඩක් ආස වෙයි සර් ආවොත්..."

කොල්ල මුලින් හයියෙන් කියාගෙන කියාගෙන  ගිහිල්ල අන්තිම ටික අහින්සක විදිහට කියද්දි මට හිතුන පැනපු ගමන් බදාගෙන ඉබින්න...

අනේ මන්ද ඒත් මොකක්දො හේතුවක් නිසා මන් ඒ හැගීම් එහෙමම හංගගෙන ආපහු කතාකරන්න ගත්ත...

" දැන් කියටද කෑම  දෙන්නෙ.."

" හතහමාර විතර වෙද්දි ලමා නිවාසෙට යන්න ඉන්නෙ සර්..."

මන් එහෙමම අතේ තිබ්බ ඔරලෝසුවෙන් වෙලාව බැලුවෙ දැන් වෙලාව දැනග්න්න...

6.15...

අනේ මන්ද මේ මනුස්සයනම්...
එක්ක කලින් කියන්න ඕනි වැඩක් තියනව සර් ඉක්මනට යන්න ඕනි කියල ඒහෙනම් මන් ඉක්මනට යවනවනෙ... අනේ මන්ද මේ බූරුව ...

පහන් තරුව...Where stories live. Discover now