Chapter 02

496 84 10
                                    

හුරුබුහුටි පෙනුමක් තිබ්ඛා ඒ කොල්ලට.. එයා අඬලා.. එයා මන් අල්ල ගන්තම මගේ දිහා බැලුවා.. ඒත් මාව දැකලා කොල්ලා බය උනා.. එයාගෙ කකුල ලෙස්සලා ගිහින් මගෙ අතිනුත් ගිලිහිලා එයා වතුරට වැටුනා..

"අනේ පොඩි කොල්ලා"

මන් මොකක්ද කරන්නේ.. කොහොමත් මගෙ ජීවිතෙන් වැඩකුත් නෑනෙ.. මන් පනිනවා.. එයාව බේරගන්න පුළුවන් උනොත් මන් බේරගන්නවා.. නැත්තම් මාත් ඔහේ මැරිලා යනවා.. මට දැන් ඕන මඟුලක්..

මමත් පාලම උඩට නැග්ගා.. අම්මෝ නැග්ගාමනෙ බය හිතෙන්නේ.. මම උපරිම ශක්තිය යොදලා පැන්නා ගඟට..

ජබොග්....🤭

මාව එක පාරටම ගොඩාක් යට ගියා.. මට හොඳට පීනන්න නම් පුළුවන්.. මන් උඩට එන්න ආවා.. කෝ අර වැටිච්ච පොඩි කොල්ලා.. මං පීන පීන හෙව්වා..

ආ...ම්.. කොල්ලා ඉන්නවා.. අනේ එයා ගල් වෙලා වගේ.. එයාට පීනන්න බැරිව ඇති.. පව්.. මං එයා ළඟට ගියා.. ඇස් පියන් උන්නේ එයා.. මං එයාව මගේ ළඟට ගත්තා.. මන් දන්නේ නෑ මට කොච්චර දුර පීනන්න වෙයිද කියලා.. මං ඒ පොඩි කොල්ලාවත් ඇදගෙන වතුර උඩට ආවා.. කොල්ලගෙ බෙල්ල කඩා වැටුනා මගෙ පපුවට.. අපි ඉන්නේ හරියටම ගඟ මැද වගේ.. ඒත් ගොඩාක් ගැඹුරු නෑ වගේ ගඟ.. අනේ මන්දා.. මං එයාගෙ මූණට තට්ටු දැම්මා එයා සද්ද  නෑ.. ඒත් එයා හුස්ම ගන්නවා..

ගොඩක් වෙලා වතුරෙ ඉන්නත් බෑ.. මන් එයාවත් අමාරුවෙන් පිට උඩට අරගෙන පීනන්න ගත්තා.. මට හරි අමාරුයි.. කොච්චර වෙලාවක් ගියාද මන්දා.. මං ගං ඉවුරට පොඩි කොල්ලාවත් උස්සන්ම ආවා.. මගෙ බාගෙට පන ගිහින් දැන්..

ම්ම්ම්... කොල්ලට තාමත් සිහිය නෑනේ.. අනේ පව් ඒ මූණ චූටි බබෙක් වගේ..

මං එයාගෙ පපුව කොච්චර තෙරපුවද මන්දා.. ඒත් හරි ගියේ නෑ.. සමාවෙන්න පොඩි කොල්ලෝ.. මං එයාට හුස්ම දෙන්න ඒ කටට බර උනා..

"කැහ්... කැහ්ම්..."

පොඩි කොල්ලට සිහිය ආවා.. එයා කටින් වතුර එළියට දැම්මා.. මං ටිකක් ඒ පපුව අතගෑවා..

"ම්ම්ම්... ම්ම්ම්ම්..."

"කොහොමද ඔයාට.. අමාරුයි වගේද.."

My Bodi ( Original FF ) ✔️✔️ Zhanyi Where stories live. Discover now