Chapter 03

599 89 9
                                    

පොඩි පොඩි පොද වැටීගෙන එන්න  ගත්තා.. අයියෝ දැන් අපි තෙමෙයි..ඇඳුම් පොඩ්ඩක් වේලීගෙන ආවා විතරයි..දැන් ආයෙමත් තෙමෙන්නයි වෙන්නෙ..අයියෝ මගේ පර්ස් එක මන් එලියට අරගත්තා..තිබ්බ සල්ලි ඔක්කොම පෙගිලා..කාඩ් එකත් තෙමිලා..කමක් නෑ..බැංකුවට ගිහින් මොකක් හරි කරගන්නවා කියලා මන් හිතාගත්තා..

පොදේ වැඩි වෙන්න ගත්තා.. පව් පොඩි කොල්ලා ගැහෙනවා..මටත් සීතලයී..මන් මගේ ලාවට වේලුනූ කෝට් එක ගලවලා එයාගෙ ඇඟට දැම්මා..වැස්ස පටන් ගත්තා..මන් ඉන්න තැන තෙමෙනවා අඩුයි..ඒත් එයාව ටිකක් තෙමෙනවා..

ඔයාව තෙමෙනවනේ..

නෑ..කමක් නෑ..

ඒම කියල බෑ.. එනවද මගෙ ඔඩොක්කුවට..

ඒත් තවත් මට ඔයාට කරදර කරන්න බෑනේ..

කමක් නෑ එන්න.. අපි දෙන්නම මේ වැස්සෙන් බේරෙන්න එපැයි..

මන් පොඩි කොල්ලව අරන් මගෙ ඔඩොක්කුවෙන් වාඩි කරගත්තා..කකුල් දෙකම එක පැත්තකට දාලා එයා මගෙ බෙල්ල බදාගත්තා... හරි අමුතුයි ඒක... මාව පොඩ්ඩක් ගැහෙන්න ගත්තා...ඒ සීතලට වෙන්න ඇති... මාත් එයාව ටිකක් තද කරගත්තා..

දෙයියනේ ඒ පාර හයියෙන් අකුණු ගහනවා.. දැන් නම් මාත් බයයි.. අකුණු ගහනවට මාත් පොඩි කාලේ ඉඳන් බයයී.. මන් පොඩි කොල්ලට දුන්නු කෝට් එක අතට ගත්තා.. පොඩි කොල්ලගෙ කකුලක් උස්සලා අරන් අනිත් පැත්තට දාගත්තා.. එයා කකුල් දෙක මගෙ දෙපැත්තට දාගෙන මගේ දිහා කන්න වගේ බලන් උන්නා..

ගොරෝනවා.. මන් බයයී.. සීතලයී.. අපි මෙහෙම ඉමු.. මාව විශ්වාසයි නේද.. මුකුත් කරන්නෙ නෑ පොඩි කොල්ලෝ..

මන් මොකටද බය වෙන්නේ.. ම්හුක්.. විකාර

මේ පණ්ඩිත පොඩි එකා..

මන් ඇදල ගත්තා කොල්ලව.. පොඩි කොල්ලා එකෙන්ම මගෙ පපුවේ..කෝට් එක අරන් එයාගෙ පිටිපස්සෙන් දාලා අපි දෙන්නගෙම ඔලුව වැහුවා මන්....

මගේ පපුව ගැහෙනව දෙයියනේ ඒ ඇයී... මේ සීතලට නම් නෙවෙයි කියල මට හිතුනේ.. පඬි ටෝක් දුන්නට දැන් දැන් එයා මට තවත් ගුලි වෙනවා.. මාත් එයාව තව තවත් තද කරගත්තා.. අපිට තවත් තද වෙන්න දෙයක් නෑ.. ඒත් තවත් තද උනා.. ගොරවන සද්දෙයි තද වැස්සයි නිසා ඉවසන් ඉන්නම බෑ මට..

My Bodi ( Original FF ) ✔️✔️ Zhanyi Where stories live. Discover now