Chapter 28

303 65 2
                                    

හවස් වෙද්දි යීබෝගේ ටිකට් කැපුවේ දැන් භයානක තත්වයක් නැති නිසා.. හැබැයි කොල්ලට බෙහෙත් මහ ගොඩාක් නම් තෑගි විදිහට දොස්තර දුන්නා..

බේත් ගොන්න දැකලා මූණත් අකුලුවන් යීබෝ චාන්ගේ ඇඟේ එල්ලුනා..

අර ඔක්කොම මටද චන්ගා..

නෑ නෑ.. මටත් තියේ...

චාන් යීබෝව අස්වසාලන්න ඕන නිසා බොරුවක් කියලා චෙන්ට පොඩි හිනාවක් දැම්මා.. ඒ බේත් ගොඩේ චාන්ටත් බේත් තිබ්බා.. හැබැයි ඒ තුවාලෙට ගාන්න බේත් ටියුබ් එකක්..

හොස්පිටල් එකෙන් කෙලින්ම ගෙදර යන් කිව්වත් චාන්ට ඕන උනේම පොලිසියට යන්න . චාන්ගේ කෑ ගැහිල්ල ඉවසන්න බැරි තැන චෙන් කාර් එක පොලිසියට අරන් ගියා....

මූ නම් පොඩ්ඩෝ.. මොකෙක්ද මන්දා.. පේනවද තියෙන නපුරු කම..

අනේ මං දන්නෑ ඕවා..

චෙනා උබ කියන්නේ මට උඩ බලන් ඉන්න කියලද.. යකෝ මගේ කොල්ලාව උන් අමුවෙන් ගිනි තියන්න ගියේ.. රෙද්ද.. මට අරකිගේ හම ගලවන්න ඕනා..

අනේ මේ සීන්... විකාර කරන්න එපා.. ඒ පොලිසිය කියලා අමතක කරන්න එපා..

පොලිසිය බැරි නම් මොක හරි.. ඕකිට දෙන්නම් මන් අද..

අනේ..චන්ගා.. නපුරු වෙන්නෙපා.. මට බය හිතෙනවනේ..

ආන්.. හරි හරි.. කෝ බය වෙන්නෙපා.. චන්ගා කේන්ති ගන්නෙ නෑ පැටියෝ..

චන්ගගෙ පිට ගොඩාක් සිදෙනවද.. මන් ගෙදර ගිහින් අතගාන්නම් හොඳේ.. පව්  ඔයා..

මට රිදෙන්නෙ නැ බෝදී.. යන්කෝ

...................................................................................

මිස්ටර් සීන්.. ඔයාලට ඇතුලට යන්න පුලුවන්.. සාජන් මෙයාලව අර ජෙනී කියන ගෑනි ඉන්න කූඩුවට අරන් යන්න..

සර්.. මට ඒ ගෑනිට හොඳ කනේ පාරක් ගහන්න ඕනා..

ප්‍රශ්නයක් නෑ.. මොකක් හරි උනොත් මං බලාගන්නම්.. එකක් නෙවෙයි පහක් ගහන්න මන් චාන්ස් එක දෙන්නම්.. මගේ ජොබ් එක ගහල ගියත් කමක් නෑ.. හේතුව දන්නවද..

My Bodi ( Original FF ) ✔️✔️ Zhanyi Where stories live. Discover now