Chapter 38

282 62 2
                                    

චාන් උන්නේ ඔෆිස් එකේ ෆයිල් ගොඩකකට යටවී ගෙනයි.. දවස් තුනක් යීබෝගේ අසනීපය නිසා ගෙදර උන්න චාන් ආව වෙලාවේ ඉඳන් වැඩ.. ඒ අස්සේ ෆයිල් දෙක තුනක්ම වරද්දලා හදලත් එක්ක..

මොකක්ද අයිසේ.... පඩි දීලා තියන් ඉන්නේ මට තමුසෙලාව හුරතල් කරන්න නෙවෙයිනේ.. හරියට කරනවලා මේවා...

සොරි සර්...

සොරිය තමයි.. පැයක් දෙන්නම්... ඉක්මණින් ආවේ නැත්තන් ගෙදරම යනවා...

චාන්ට වැඩ වැඩි උනාමත් යකා ආවේස වෙනවා.. තවත් ෆයිල් එකක් වැරදිලා.. චාන් ඒ කෙල්ලට කතා කරනවත් එක්කම චෙනුත් ආවා කැබින් එකට...

වාඩිවෙයන් බන්... ඇයි...

කරන් පලයන්කො බන් මන් මේ ආවේ ෆයිල් ටික චෙක් කරන්න උදව් කරන්න..

ලොකු දෙයක් බන්.. ඇයි බන් මේ ඔක්කොම මුන් ගොඩ ගහගෙන ඉඳලා තියෙන්නේ.. එකතු කරලා මුන්ගේ පොත්වල දාගන්නද.. උඹ අතේ හරි මට මේවා එවන්න එපැයි.. ඔක්කොමත් හරි බාගෙට බාගයක් වැරදී.. ඇයි මුන් මෙහෙම නොසැලකිලිමත් වෙන්නේ...

චාන් චෙන් එක්ක කතා කරද්දි අපෙ ආච්චිගේ කොට හිරමනේ වගේ කෑල්ලක් ඇවිත් කැබින් එකට සේන්දු උනා..

සර්.. කතා කරා ද...

ඔව්..කතා කරා... නම මොකක්ද...

මගෙද...

කෙල්ල ඇබරිලා ඇහුවේ ලැජ්ජාවෙන් කොණ්ඩෙත් කන පිටිපස්ට දාගන්න ගමන්.. චාන් මේ මල යකා වැහිලා ඉන්න වෙලාවේ මේ ගෑනී නැලවෙනවා...

නෑ... ඔයාගේ ආච්චිගේ නම ඇහුවේ.. නම ඇහුවේ එෆ් බී එකේ හොයාගන්න නෙවෙයි හලෝ.. තමුන් අලුත් ද...
ඕ.. ඔව් සර්..

මුලින්ම කියන්න තියෙන්නේ මෙච්චරයි.. මගේ තැනට ගන්නේ සුදුසුකම් තියෙන මිනිස්සු විතරයි.. පොත්තේ පාටට, කොටට ඇන්දට මන් කට්ටිය ගන්නේ නෑ... ඒ නිසා ටිකක් දිගට අඳින්න.. මොකද මිනිස්සු මෙතනට ඇවිත් වැඩ කරන්න ඕනා.. අනික ඔයාට දීපු ෆයිල් එක ආ.. ඒක වැරදී.. පැය දෙකක් දෙන්නම්.. මුල ඉඳලා හදන්න.. නැත්තන් ඕක මිසිස් ශෙරීන්ට දීලා ඔයා ගෙදර යන්න.. මෙතනට වැඩට එන්න බලන් ඕන තරම් අය ඉන්නවා.. නිකන් පැද්දෙන අයට මෙතන ජොබ් නෑ.. ආ යන්න..

My Bodi ( Original FF ) ✔️✔️ Zhanyi Where stories live. Discover now