Chapter 08

388 85 8
                                    

මන් හිතන්නෙ මට හුස්මගන්න අමතක වුනා..
එක්කෝ මට වැරදියටවත් ඇහුනද..  මොකද්ද අනේ ඒ බෝදි කිව්වේ..  අක්කා කියලද එයා කිව්වේ..

ක...කවුද බෝදි..

අක්කා.. චන්ගා අක්කා..

දෙයියනේ මට ඇහුනා හරි.. අක්කාද එතකොට එහෙම කරේ.. එයා මොනවද බෝදිට කරන්න ගියේ.. ඇයි දෙයියනේ මේ පොඩි දරුවට ඒ කාලේ එහෙම කරන්න ගියේ..

මට ඔක්කොම අමතක උනා.. බෝදි හොඳටම අඬනවා.. මට එහෙම එයාව බලන්නවත් මතක් උනේ නෑ.. අම්මගෙන් පස්සෙ ඒ තැනට ආව අක්කම එහෙම කරානම් දෙයියනේ කාවද මේ කොල්ලා විශ්වාස කරන්නේ..

මට කේන්තී.. මන් ඇඳෙන් නැගිටල ගිහින්... වේගෙන් බිත්තියට මගේ අත මිට මොලවලා ගහගෙන ගහගෙන ගියා.. බෝදී අඬාගෙනම ඇවිත් මගෙ අත් දෙක අල්ල ගද්දිත් මටත් ඇඬනවා..

මන් බෝදිව තුරුල් කරගත්තා.. ඒ මුලු මූණම ඉම්බා.. අනේ මගේ පැටියා.. ආයෙත් මුකුත් වෙන්න දෙන්නෙ නෑ ඔයාට මන්..

මැණික අඬන්න එපා බෝදී..

ඔයත් අඬනවනේ චන්ගා..

අපි දෙන්නම තුරුල් වෙලා ගොඩාක් වෙලා උන්නා.. වෙලාව ගැන කිසි ගානක් උනේ නෑ අපිට.. මන් එයාව අරන් ආව ඇඳට.. මට එයාගෙන් තව මුකුත් දැනගන්න ඕනා නෑ.. තවත් දුක් දෙන්න ඕනා නෑ..

චන්ගා..

ම්ම්...

මන් කියන්නම්.. අහන් ඉන්නවද.. අඬන්නෙපා.. ප්ලීස්..

බෑ.. මට එපා.. අපි සතුටින් ඉමු බබා.. අමතක කරන්න සේරම..

නෑ.. අද  ඔයාට මන් කියල ඊටපස්සෙ මන් අමතක කරන්නම්..

පොරොන්දු වෙන්න පුලුවන්ද..

ඔව්.. මන් පොරොන්දු වෙනවා...

එයා මගේ තුරුලෙන් ඈත් උනා.. එයා කතාව පටන් ගන්නයි යන්නේ.. එයා කඳුලු පිහදාගත්තා.. මගේ කඳුලුත් පිහිදුවා.. මගේ අහිංසකයා..

චන්ගා..

මගේ අම්ම ගිය දවසෙ ඉඳන් මන් අක්කාට ගොඩාක් ආදරේ කරා.. දන්නවද මට දුක හිතුනම මන් ගියේ එයා ගාවට.. ඒ වෙලාවට එයා මාව තද කරලා තුරුල් කරගන්නවා.. එයාව දැනුනෙම මට අම්මා වගේමයි..

My Bodi ( Original FF ) ✔️✔️ Zhanyi Where stories live. Discover now