Chapter 37

282 61 2
                                    

යීබෝ අසනීප වෙලා දවස් දෙකක් ගෙවිලා ගියේ සීන්වත් ගෙදරටම කොටු කරලා.. චෙන් සෙන් ඔෆිස් එකේ සේරම වැඩ තමන්ගේ ඔළුවටම ගද්දී චාන්ට උනේ යීබෝව ඔළුවට ගන්න.. කොච්චර අසනීප උනත් යීබෝ ගැන ඇහැ ගහන් උන්නේ නැත්නම් විනාසයි..

මැණික බෝදී.. මෙහෙට එනවා.. මොනවද ඔය කරන්නේ.. මොනවද ඔය කන්නේ ආ...

අංකල් කෑ ගාන්න එපා අනී.. අපි මේ මුලුක්කු කනවා..

යීබෝ බිම බලන් ඉද්දී කෙල්ල යීබෝ වෙනුවෙන් උත්තර දුන්නා.. චාන්ට නම් අද අසූහාරදාහට කේන්ති ගිහින් මේ ඉන්නේ.. චාන්ගේ කේන්තියේ තරම දන්න නිසාම යීබෝ බිම බලන්ම උන්නා...

යීබෝ කතා කරනවා.. තමුන් මොනවද මේ කන්නේ.. මුරුක්කු.. ඕව කන්න හොදයිද කියනවකෝ... ආ.. බඩේ අමාරුවෙන් නේද උන්නේ.. කතා කරනවා කටේ පිට්ටුද..

පපා..

පපා තමයී.. පපා තමයී.. දැන් දෙනවා උත්තර.. ඇයි කෑවේ..

ආස හිතුනා මට ඉතින්.. එක කෑල්ලයි පපා කෑවේ...

යීබෝ තාමත් බිම බලන් ඉන්නේ.. ඔළුව උස්සලා බලන්නවත් බෑ.. එච්චරටම චාන් අද නපුරු පාටයි..

හරි.. දූ කෝ මෙහෙ දෙන්න.. ඕවා.. ආ ඔක්කොම කනවා.. කාලා බඩ රිදෙනවා කියනවා.. ආ ඉතින් කනවා.. බඩ රිදි රිදි ඉන්නව මන් නම් ඇහැක් ඇරලා බලන්නෙ නෑ..

චාන් මුරුක්කු පිගානම යීබෝ අතට දීලා යන්න ගියා.. යීබෝගෙ ඇස් වලින් කදුළු කඩන් වැටුනේ දිය ඇල්ලක් වගේ...

අනේ පපා.. මට දුකයි.. එන්නකෝ.. ආයෙ කන්නේ නෑ පපා... ඔයා දුන්නත් මන් කන්නේ නෑ... ආස නෑ මට එපා මුරුක්කු..

චාන් ගිහින් කාමරේ දොරත් හයියෙන් වහගත්තා.. හිතට කේන්තියි.. ඒ වගේම යීබෝට බැන්න නිසා හරිම දුකයි.. කවදාවත් එහෙම චාන් බැනලා නෑ.. මේ වෙනකල් කවදාවත් චාන් යීබෝට බැන්නේ නෑ.. හයියෙන් වචනයක් නොකියා උන්නේ කොල්ලට තියෙන අසීමිත ආදරේ නිසා... දැන් ඒ ආදරේ නිසාම කොල්ලා මුරණ්ඩුයී ඒකට තමයි මේ චාන් බැන්නේ...

යීබෝ සාලේ ඉදන් අඩන්නේ තාමත් මුරුක්කු පිගාන අතේ තියන්.. බාප්පි අඩද්දී කෙල්ලත් හෝ ගාලා අඩනවා..

My Bodi ( Original FF ) ✔️✔️ Zhanyi Where stories live. Discover now