Chapter 07

409 84 4
                                    

ම්ම්ම්... ඇඟට දැනුන බර ගතියකින් මම් ඇස් ඇරියේ...බරයි කියන්නෙ ඇඟ උඩ කවුරුහරි නැගන් ඉන්නව වගේ...

අපොයි වගේ නෙවෙයි මෙන්න ඇඟ උඩ නැගන් මගෙ චූටි බට්ටා.. අයියෝ.. මේ කොල්ල සම්පූර්නයෙන්ම මගේ ඇඟ උඩ.. අම්මෝ මට චූ බරයි. දැන් පුපුරයි වගේ..

මන් අමාරුවෙන් ඇඳට දාල එයාව මන් දිව්වෙ  වොශ් රූම් එකට . අම්මෝ දැනෙන සනීපේ...

මම ආයෙත් එද්දිඒ පාර කොට්ටයක් උඩ නැගන් ඒ කොට්ටෙම බදාගෙන නිදි.. මෙයාට මොකක් හරි බදාගන්නෙ නැතුව නින්ද යන්නෙ නැද්ද කොහෙද.. අයියෝ මගෙ ඇඟ පව්..

මන් එයාට නිදාගන්න දීලා පහලට ආවෙ කිරි එකක් හදන්නත් එක්ක.. ආසාවට පොඩ්ඩක් මන් එලියට ගියා.. ඊයෙ වැහැපු වැස්ස නිසා මුලු මිදුලෙම වතුර.. අද නම් මිදුලෙ අවිදින්න හිතුනේ නෑ.. මන් ආයෙම දොරත් වහල ගෙට ගියා.. මන් එයාටයි මටයි කිරි එකක් හදාගත්තා..

කිරි එකත් අතට අරන් මන් ගියා බෝ කොලුව නැගිට්ටුවන්න.. අම්මෝ මාර නින්දක්නේ..

ම්ම්...ම්ම්ම්..

ඇ..ඇයි එයා කෙඳිරි ගාන්නෙ.. මන් හොඳටම බය වුනා.. එයා නින්දෙන් කෙඳිරි ගානව හිමීට..

මන් කිරි එකත් මේසෙ උඩින් තියලා එයා ලඟින් වාඩි වුනා.. ඔලුව ච්ට්ටක් අතගාල බැලුවා.. එයා එදාටත් වඩා අද රත් වෙලා.. එයාට උණ අනේ..

අනේ මගේ මැණික.. කෝ නැගිටින්න චූටියා.. කෝ ඇස් අරින්න..

ම්ම්ම්හුක්...

අනේ මේ බලන්න.. මන් ඔයාට කිරි එකකුත් ගෙනාව බබෝ.. නැගිටින්න..

ම්ම්.. චන්ගා..

දඟේ ඇයි මේ.. ඔයාට උණනේ පැටියෝ..

ම්ම්.. අර තියන බොක්ස් එකෙන් පෙති දෙකක් ගන්නකෝ.. මට අඩුවෙනව.. බය වෙන්නෙපා.. ඊයෙ මන් හීනෙන් බයවුනානේ.. ඒකයි මේ..

අනේ ඒත්.. අපි යමුද ඩොක්ටර් කෙනෙක් ගාවට..

බෑ බෑ.. මන් ඉන්නෙ ඔයා ගාව.. මට ඔය බේත් වලට අඩු වෙනවා අනේ.. කිරි එක දෙන්නකෝ මුලින්ම.. ම්ම් ඔයා බිව්වද..

නෑ.. ඕක තමයි දෙන්නටම තියෙන්නෙ..

හරි.. ඔයා බොන්න මුලින්ම.. මට භාගයක් දෙන්න.. මන් මූන හෝදගෙන එන්නම්..

My Bodi ( Original FF ) ✔️✔️ Zhanyi Where stories live. Discover now