Chapter 32

273 62 2
                                    

බාප්පී අද නම් හලී කම්මැලියි නේද අනී..

ඒකනේ දූ.. මොකෝ කියන්නේ අපි ගේමක් ගහමුද..

ඒක පස්ට.. ගහමු...

දූලා යන්..  මුලින්ම ඇඳට පනින එක්කෙනා තමයි රෝස මල.. පරදින එක්කෙනා වද මල..

හරී..

යීබෝ කෙල්ල එක්ක තරඟෙට දුවන් ගිහින් පැන්නේ ඇඳට කෙල්ලට දුවන්න නොදී මෝඩයා දුවලා ඇඳට පැනලත් ඉවරයි..

ආපූ.. මන් එතෝට වද මලද..

ඕ.. මන් තමයි  සෝස මල..

ආපූ මොකට කියනවද ඒක.. මෝඩ බාප්පී..

අනී මේ.. එනවා ගේමක් ගහන්න..

යීබෝ කෙල්ල එක්ක ගේම් ගහන්න පටන් ගත්තා.. සෙන් සෙහී මේ ගෙදරට ඇවිත් මාස තුනක් ගෙවිලා ගියේ හීයක තරම් වේගෙන්.. දැන් සෙන් කියන්නේ චාන්ගේ ඔෆිස් එකට නැතුවම බැරි සේවකයෙක්.. චාන් චෙන් සෙන්.. තුන් දෙනාම උදේට එකටම ඔෆිස් යන්නේ කිසි හේතුවකට යීබෝට ගෙදර දොර හවස එයාලා ඇවිත් අරින්න කියනකල් අරින්න බෑ කියලා තහනම් නියෝගයක් දාලා.. ගේ අස්සෙම ඉන්න කම්මැලියි නිසා යීබෝට දවස ගානේ සුපිරි ගේම් ෆිල්ම් එහෙමත් හම්බුනා.. කෙල්ලට නම් හම්බුනේ පොත් ජාතී තමයී.. බාප්පී  හොඳයි කෙල්ලගේ.. කෙල්ලට අකුරු කියලා දෙනවා.. දෙන්නා එක්ක යූ ටියුබ් එකෙන් බලලා රස කෑම හදනවා..ගේ අස්සේ උන්නට මොකෝ හොඳටම බිසී අපේ ඩබල..

මේ මාස තුනට නිවාඩුවක් හම්බුන ගමන් පස් දෙනාම ඇවිදින්න යන්න අමතක කරෙත් නෑ.. චාන්ගේ යීබෝගේ ආදරේ වෙනසක් නැතුව හරිම ආදරණීය විදිහට ගලන් ගියා.. යීබෝගේ සිඟිති වැඩ එක්ක චාන් අපහසුතාවයට පත් වෙච්ච අවස්තාත් නැතුවම නෙවෙයි..

ඔෆිස් එකේ පුටුව ගේන්න කියලා.. ඒක ගේන්න චාන්ට අමතක වෙලා යීබෝ ආයෙමත් මහා රෑ චාන්ව යැව්වේ පුටුව ගේන්න.. ඒකට චාන්ම යන්න ඕනා කිව්වා.. නැත්නම් සතියක් වේලී වේලී ඉන්න වෙනවා කිව්වාම චාන් බය වෙලා ගිහින් පුටුවත් අරන් ආවේ.. චාන් ගියේ පුටුවක් නිසා බෝදී චාන් වත් බලු කරානේ කියලා හිතින් බැන බැන..

මේ අතරේ චෙන් සෙන් දූ එක්ක එක කාමරේ නිදාගන්න පුරුදු උනා... සෙන් දුවව පපුව උඩට ගද්දි චෙන් ඉබේටම ගිහින් සෙන්ගේ ඇඟේ ඇලවෙනවා.. සෙන්ට චෙන්ගේ හැසිරීම මොකක්ද කියලා තේරුනත් මුලදි ඒක නොතේරෙන ගානට උන්නා.. ඒත් දවසක් ගෙදරදී චාන් යීබෝ චෙන්ට සපෝට් එකට සෙන්ට යුහීගෙන් ඩිවෝස් වෙන්න කියලා කිව්වාම.. සෙන් කිව්වේ ඕන නෑ ආයෙමත් ඒකිව දකින්නවත් යන්න ආස නෑ කියලා.. නමට හරි අම්මෙක් ඕන නිසා ඉඳපුවාවේ කියලා.. ඒත් ඒ කතාවට නම් චෙන්ගේ හිත ගොඩාක් රිදුනා.. ඔක්කොම ඉන්න තැන කොල්ලා නැගිටලා ගිහින් එදා නිදාගත්තේ එයාගේ කාමරේ..

My Bodi ( Original FF ) ✔️✔️ Zhanyi Where stories live. Discover now