Chapter 16

328 70 4
                                    

චාන් යීබෝව උස්සගෙන කාමරේට එද්දි යීබෝ උන්නේ චාන්ගේ බෙල්ල බදාගෙන එයාගෙ ඔලුව හංගගෙන ..ඇදට ආවත් යීබෝ චාන්ගෙන් ඈත් උනේ නැත්තේ මේ උනුසුම තවත් වෙලාවකින් එයාට නැති වෙන නිසා ..

ඇත්ත තනිකරම ඇත්තක් චෙන් කිව්වේ..චාන් යීබෝ ආදරේ කරන නිසා වෙන් වෙන්න බැරි උනත් මේ වෙලාවේ කරන්න තියෙන හොදම දේ චාන් ගිහින් සේරම විසදන එක.. එතකොට ආයෙත් චාන්ට වත් යීබෝට වත් ප්‍රශ්නයක් නෑ..

බෝදි බබා...

........................

චාන්ගා එක්ක තරහද රත්තරන් ..

නෑ

එහෙනම් මූණ පොඩ්ඩක් පෙන්නන්නකෝ මට..

යීබෝ චාන්ගේ මූණ ඉස්සරහින් මූණ තියන් බිම බලාගත්තා.. ඒ ඇස් වලින් කදුළු වැටෙන්නේ නිකන් දිය ඇල්ලක් වගේ.. මොනවා කරන්නද.. සමහර දේවල් තියෙනවා ලබා ගන්න ටිකක් කැප වෙන්න ඕනා.. මෙතනත් එහෙමයි.. දෙන්නට එකට ඉන්න නම් අනිවාර්යයෙන්ම මේ පොඩි දවස් ගාන කැප කරන්නම වෙනවා...

බෝදී

......................

අනේ නාඩා ඉන්නකෝ.. මන් එක්කන් යන්නම් අඩන්න එපා.. වෙන දෙයක් උනාවේ බෝදී..

නෑ චාන්ගා මට ඉන්න පුළුවන්. අනේ ඒත් ගොඩාක් දවස් ගන්න එපා.. ප්ලීස්..
ඔයා නැතුව කොහොමද මන් ඉන්නේ...

දන්නවා පණ.. පොරොන්දු වෙනවා ඉක්මනින් එනවා.. මට උපරිම ඕනා සතියයි.. දන්නවා සතියක් කියන්නෙ ගොඩාක් කල් කියලා අනේ බබා..

අනේ ඉතින් හරි හරි චාන්ගා.. මන් අඩන්නේ නෑ.. සතියයි බලන්නේ හොදේ.. නාවොත් බලා ගමු..

ආ...ආ.. මොකෝ කරන්නේ ආ..

හපනවා.. කුක්කු ගලෝනවා මන්..

ආයිශ්.. මන් පව් නැද්ද..

නෑ..

ආයෙමත් දග යීබෝ එලියට ආවම චාන්ගේ හිතටනම් දැනුනෙව් හරිම සැනසීමක්... යන වෙලාව වෙනකල්ම යීබෝව අඩවන්නේ නැතුව ඉන්න චාන් හිතාගත්තා...

මේ අතරේ චෙන් ඇවිත් දොරට තට්ටු කරපු නිසා චාන් ගිහින් දොර ඇරියා

My Bodi ( Original FF ) ✔️✔️ Zhanyi Where stories live. Discover now