Chapter 24

329 69 3
                                    

ගෙදරට එනකල්ම යීබෝ කල්පනා කරේ චාන් ගැන.. අහිංසක ටයිප් එකේ උන්නට චාන් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියල අද තමයි යීබෝ හරියටම දැන ගත්තේ.. යීබෝ ට කරදර කරපු ඔක්කොම පුළුවන් නම් අද චාන් පුච්චලා අලු කරලා තමයී එන්නේ..

යීබෝට හිත යටින් හිනාත් එක්ක.. මහ නපුරෙක් වගේ හැසිරෙද්දී යීබෝවත් ගැස්සිලා ගියා අද නම්.. කෙල්ලෙක්ට වතුර වීදුරුවකින් ගහන්න.. අම්මෝ යීබෝට නම් ඒ වගේ දෙයක් කරන්න තියා හිතන්නවත් බෑ.. ඒත් චාන් නම්  ඒක එක පාරින් කරල දැම්මේ වටේ ඉන්න  මිනිස්සු ඔක්කොම මීක් නැති වෙන්න සද්ද නැති වෙද්දී...

" බෝදී.."

".............................."

" බෝදී.."

චාන් යීබෝට කතා කරා කීප සැරයක්ම.. ඒත් යීබෝ උන්නේ හීන ලෝකෙක.. චාන් කතා කරාට යීබෝට ඇහෙන්නේ නැති නිසා චාන් යීබෝගේ අතින් ඇල්ලුවා.. ගැස්සිලා වගේ මේ ලෝකේ සිහියට ආව යීබෝ හිනාවක් දාගෙනම චාන් දිහා බැලුවා...

" ඇයි මැණික.. මොනවද මේ අහස පොළොව ගැටලන්න වගේ කල්පනා කරන්නේ.."

" ඔයා ගැන.."

" මන් ගැන.. ඒ මොනවද අප්පේ ඒ.."

" ඔයා මන් ගාව ඉන්නවට වඩා අනිත් අය එක්ක ඉද්දී පට්ටම වෙනස්නේ..මහ නපුරෙක්.."

" මන් හැමෝටම නරක නෑ මැණික... ඔෆිස් එකේ උනත් මන් කිසි කෙනෙක්ට බනින්නෙ නෑ.. ඒත් මාව මෝඩයා කරන්න හැදුවොත් හරී..මගේ මැණිකට වචනෙකින් හරි රිදවපු කෙනෙක්ව නන් මන් අතාරින්නෙම නෑ... මගේ රෝස මල හරීම අහිංසකයී.. ඉතින් මාත් අහිංසක වෙලා ඉන්න බෑනේ.. බීජිං ගිහින් ඔහොම ඉන්න බෑ මැණික ඒ පරිසරයත් හරිම නපුරුයි ඒ නිසා මගේ පොඩ්ඩා චුට්ටක් සැර වෙන්න ඕනා...මට නෙවෙයි අනිත් අයට.."

" අනී බෑ.. මන් ඔයාට සැර කරන්නම් ඔයා එයාලට සැර කරන්න.."

" ආ.. එහෙමද ආස.."

" ඔව් ඒම සෝයී.."

" මැණික කුක්කු චුට්ටක්.."

" හෑ.. මේ පාරේ ඉන්නේ මෝඩයෝ.."

" අනේ ඉතින් එන්නකෝ.."

My Bodi ( Original FF ) ✔️✔️ Zhanyi Where stories live. Discover now