Chapter 13

343 76 3
                                    

" චන්ගා.. "

හරිනේ ඉතින්.. ආන් ඇහැරලා.. මන් පණකඩාගෙන දිව්වේ බැනුම් අහන්න බැරි නිසා.. තව පොඩ්ඩෙන් පඩිපෙලෙන් වැටෙනවත් එක්ක.. කොහොම උන්නු මමද මේ පොඩි කොල්ලෙක්ට බයේ නලියන්නේ..

" බෝදී.. නැගිට්ටද මැණික "

ඔයා මාව දාලා කොහෙද ගියේ.. ඉහි ඉහී.....

හපෝ මේ මොකෝ අඬන්නේ.. මං කන්න හදන්න ගියේ ඉතින්..

ඔයා ආවේ මං එක්ක නිදාගන්නනේ..

ඉතින් අනේ මට නිදිමතක් තිබ්බේ නෑ..

එහෙනම් මොකටද මාව නිදි කරේ..

මෙන්න මේ පස්ස පැත්ත මං ගොඩාක් රිද්දපු නිසා..

මන් පොඩ්ඩෙන් ඇඟිල්ලෙන් ඒ තට්ටමකට ඇනලා කිව්වා.. මගේ මෝඩයගේ මූණ කරත්තෙට අහු වෙච්ච කජු ලෙල්ල වගේ උනා.. පව් රිදෙන්න ඇති..

රිදුණද බබා..

ම්ම්ම්..

සොරී..

අනී මේ.. මාව වඩන් යන්නකෝ පහළට..

ඕන් ඉතින් ලමා මානසිකත්වය ආවා මගේ පොඩ්ඩට.. මොනවා කොරන්නද මේවා කොරගත්තේ මමමනේ.. ඔන්න ඔහේ උස්ස ගත්තා..

හෙලුකොට්ටෙන්ද බබෝ පහළට යන්නේ..

ම්ම්ම්.. පහළ තියෙනවනේ ගලවපු කලිසම ඒක අන්ඳන්න මට..

හලී යන්කෝ.. නූඩ්ල්ස් කමු නේද..

හා..

මන් බෝදිවත් එක්කන් ගිහින් සැටියෙන් තියලා කලිසම ඇන්ඳුවා.. එයා ඉන්නවා බබා වගේ.. මට සැටිය දැක්කම හිනාවක් ගියා.. මේ ගේ නම් මරු.. මට මගේ ජීවිතේ හම්බුනා මේ ගේ අස්සේ..

චන්ගා බඩගිනී..

හරි පැටියෝ.. කමු..

මං ගිහින් නූඩ්ල්ස් එකයි ජූස් එකයි අරන් ආවා..

ආ... කවන්න..

අනේ මේකගේ මල කෝලන්.. හුරතල් වෙනවා වැඩී මේ පිස්සා.. කමක් නෑ මගේනේ..

ම්ම්ම්.. හොඳයිද කන්න පුළුවන්ද මේවා..

හ්ම්ම්.. යාන්තම් කාගන්න පුළුවන්..

My Bodi ( Original FF ) ✔️✔️ Zhanyi Where stories live. Discover now