6th- Episode

293 51 7
                                    

"අහ්ම්! හියුන් මේ ජනේලේ වහන්නකෝ.."
සැපට නිදාන උන්නු කොල්ලා ඇහැරැනේ ජනේලෙන් වැටුණු ඉර එළියටයි...වෙනදට නම් ජින් ඇවිත් කර්ට්න් එක හදලා යනවා.. ඒත් අද නම් කොල්ලා පේන්නවත් නෑ.. ඒ පැත්තටයි ..මේ පැත්තටයි.. ඇඹරැණු කොල්ලා... බැරිමතැන ශීට් එක ඔලුවේ ඉඳං පොරොවගත්තා....

Tae-"ඕයි! නැඟිටපං!''

"ම්ම්ම්... නිදාගන්න දීපන්කෝ පොඩ්ඩක් !"😴

"නිදාගන්න? යකෝ නැගිටපං දැන් එකොළහත් පහුවෙලා ..."

"ඈ?... ඉතිං ජින් හියුන් කතා කරේ නෑනේ බං!"

"කතා කරන්න ජින් හියුන් ඉන්න එපායෑ.. වරෙන් යං..!"

" ම්ම් ...යමං!"

පොරවන් උන්නු ශීට් එක අහක් කරපු කොල්ලා නිදිගැටත් කඩං ඇඳෙන් බැස්සේ ටේ එක්ක පහළට යන්නයි...

Nj - "ආාහ් එන්න කුක් වාඩිවෙන්න!"...

Jk- "වාහ්! ජූන් හියුන්ද මේ ඔක්කොම හැදුවේ?"

Nj-"යේ යේ ... මං තමා😌.. කෝ කට්ටියම වාඩිවෙලා බෙදාගන්ඩලා..."

Yg- "ඕයි! මෙව්වා කන්න පුළුවන් වෙයිද
බං?🙂"

කිම්චි එකේ තිබුණු මැලවිලා ගියපු ගෝවා කෑල්ලක් චොප්ස්ටික් එකෙන් උස්සං ටේට පෙන්නපු කොල්ලා ඇහුවේ අනිත් එවුන්ට නෑහෙන ගානට හිමින්...

Tae- "😂.. මරැ හැබැයි ! මොකුත් කියන්න නරකයි... නැත්තං එහෙම ජූනි හියුන් අපිව කයි!"

කියපු කොල්ලත් ප්ලේට් එකට කිම්චි ටිකක් බෙදාන කන්න ගත්තා...

Jm-" වෝහ්! හියුන් මං කැමතිම විදියට මස් හදලා...😍 කුමාවෝ "

මේසේ උඩ තිබුණු නිකං මස් වගේ කරවෙලා තිබුණු දෙයක් ප්ලේට් එකට බෙදාගන්න ගමන් ජිමිනා කිව්වා...

Nj-"මියානේ චිමී! ඒ මස් නෙමෙයි .. පාන්! පොඩ්ඩක් කර උනා...🙂 "

කොල්ලා ඒක කිව්වා විතරයි ටේට බකස් ගාලා හිනාවක් පැන්නා... උගේ කටේ තිවුනු කිම්චි ටික ජංගුක් ගේ මූණේ...😂

jk-"යා... මොනාද හු## කරන්නේ..?"

Jm-" කෝ කෝ හිටපං මං පිහින්නම්"🤣🤣..

කිව්ව කොල්ලා මේසේ උඩ තිබුණු ටිෂූ එකකුත් අරන් ජංගුක් දිහාවට නැමෙනවත් එක්කම... යුංගියා ජිමින් ගේ පුටුවට පයින් ගැහුවා...ඩෝං... ඌ බිම...😂😂

vιŁŁꭿι𝓷 ŁỖv𝔼R || ✔Where stories live. Discover now