12th - Episode

233 45 15
                                    

"පැටියෝ..! මොකද මෙතන කරන්නේ...?"

"ආහ්..! ඔයානේ.. මං බයත් වුනා.."

රෑ අඳුරේ බැල්කනියට වෙලා එළිය දිහා බලන් උන්නු කෙල්ල ටිකක් කලබල වුනේ.. එකපාරට පිටිපස්සෙන්... ජංගුක් කතා කරනකොටයි...

"මොකෝ මෙතන...?"

"මං මේ පොඩ්ඩක්... එළිය බලන්න ආවා... බලන්නකෝ අනේ ලස්සන...මෙතනට හරි ලස්සනට ගාර්ඩ්න් එක පේනවා..."

"හ්ම්... ලස්සනයි..."

කෙල්ලගේ ඇස් ජංගුක් ගේ ලස්සන ගාර්ඩ්න් එක දිහාට හැරිලා තිබුණත් කොල්ලගේ ඇස් නම් හැරිලා තිබුනේ වෙන දෙයක් දිහාවටයි... ඒ... කෙල්ලටත් වඩා තුන් ගුණයක් පමණ විශාල ශර්ට් එකේ කරෙන් පහත් වෙලා නිරාවරණය වෙලා තිබුණු කෙල්ලගේ නිරැවත් උරහිස දිහාවටයි..

වාත්තු කරලා වගේ තියෙන කෙල්ලගේ කිරි පාට සිරැර දකින දකින වාරයක් පාසා කොල්ලගේ හැඟීම් එකිනෙක ඇවිස්සෙන්න ගනිද්දී ... කෙල්ලගේ ඉන වටේ අත් ඔතපු ජංගුක් ඒ තොල් කෙල්ලගේ නිරැවත් උරහිස මත තැබුවා......

කොල්ලගේ සීතල තොල් තමන්ගේ උරහිස මත පතිත වෙනකොට කෙල්ලට දැනුනේ තමන්ගේ යටිපතුලේ සිට කොඳුනාරටිය දක්වා අකුණු සැරක් වැදුණා වගෙයි....

"මොනාද?''

"ඔයාගේ ඇඟ...."

කිසිම දෙයක් නොවුනා වගේ කොල්ලගේ පැත්තට හැරැණු කෙල්ල එහෙම ඇහුවත්... ඒක ඇහුවට වඩා හොඳයි නිකන් උන්නනම් කියලා හිතුණේ කොල්ලා දීපු උත්තරේටයි...

"මො..මොනාද කියවන්නේ...?"

"මැණික! අද මගේ වෙනවද?..."

"ජංගුක්... ම..මං.. මේ.. "

"හරි හරි මට තේරෙනවා... මියානේ මං යන්නම්... ඔයා ඒකට තාම ලෑස්ති නැහැ කියලා මං දන්නවා ... මියානේ එහෙම දෙයක් ඇහුවට...."

"ජංගුක්... නවතින්න...! මටත් ඕනි ඔයාගේ වෙන්න...ඒත්.. මේ.."

"ඒත්.. ලැජ්ජයි....! එහෙමද?"

ඔලුගෙඩියත් බිමට හරවගෙන බිම බලාගෙන ඉන්න මිශිල්ගේ නිකටින් උස්සලා එහෙම කියද්දී බිමට හැරවිලා තිබුණු කෙල්ලගේ දෑස් කොල්ලගේ දෑසේ පැටලුනා... කෙල්ල ලැජ්ජාවටමද කොහෙදෝ රතුත් වෙලා...

vιŁŁꭿι𝓷 ŁỖv𝔼R || ✔Where stories live. Discover now