11th- Episode

234 44 5
                                    

" නැගිටපං! බල්ලා..."

"බො..බොස්"

"මං තොපිට පඩි ගෙවන්නේ මෙහෙම නිදාගන්නද පරයෝ🤬?"

ගිනියම් වුනු උණු වතුර එකක් නිදාගෙන උන්නු මිනිහගේ ඇඟට හිතක් පපුවක් නැතුව ඒ මිනිහා හලද්දී... මහ හයියෙන් කෑගහහගෙන නිදාන උන්නු මිනිහ නැගිට්ටා....

" ආයේ තෝ නිදාගෙන ඉන්නවා මං දැක්කොත් කෑලි කරනවා දැනගනින්!"

"ආ..ආයේ නිදාගන්නෑ බොස්!..."

"කෝ.. මේ රොබර්...? රොබර්..! රොබර්...?"

"බොස්?"

"එකපාරක් කතා කරාම උබට කන් ඇහෙන්නැද්ද ප#යෝ?..කී පාරක් කතා කරාද?🤨"

"මියානේ බොස්! හෙට උදේ යවන්න තියන බඩු ටික පොඩ්ඩක් චෙක් කර කර හිටියේ ... ඒකයි..."

"හ්ම්... කොහොමද මේ දවස්වල ජේකේගේ තත්වේ?"

"ඌ ගැන අලුත් මොකුත් හොයාගන්න බැරි වුනා බොස් !... ඌ ආයේ බංකරේට ඇවිත් තිබුනෙත් නෑ...."

"හ්ම්ම්... ඒකත් එහෙමද? ඒ කියන්නේ... ඌ ආයේ එතනට ගිහිනුත් නෑ...එතකොට කොහෙද මූ වැඩ කරන්නේ...."

"මං හෙට කොල්ලෝ දෙන්නෙක් යවලා බලන්නම් බොස් "....

"නෑ... එපා ! දැන්ම අපිට උගෙන් වැඩක් නෑ ... අපිට ඌව ඕනේ වෙන්නේ මේ සෙල්ලමේ අවසානෙටයි... ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ උගේ වටේ ඉන්න මැස්සෝ ටික අයින් කරලා දැන එක... මැස්සොත් එක්ක බෑ.. කිසි වැඩක් කරන්න..😏 මැස්සෝ එකින් එකා අල්ලගත්තම අපිට ලේසියි... අපි සෙල්ලම පටන් ගමු⁣ ජේකේගේ හදවතින්...😌 මොකද මනුස්සයෙක් ගේ මනස ශක්තිමත් නම් ශරීරය කොච්චර දුර්වල වුනත් වැඩක් වෙන්නෑ... ඒත් ඒ මිනිහගේ ශරීරය ශක්තිමත් වෙලා මනස වැටුනොත්.....? ඌව විනාස කරලා දාන්න බොහොම ලේසියි... අපි ඇටෑක් කරන්න ඕනේ ජේකේව නෙමෙයි .... ජේකේගේ ඇතුලාන්තයයි... උබට තේරෙනවද?"

"යේ බොස්.."

" දැන් එහෙනම් කියපංකෝ ... කාවද අපි ඉස්සෙල්ලාම අයින් කරන්නේ කියලා...."

"මෙන්න මූව බොස්..!😌"

"ඕහෝ! කිම් ටේහියුන් !!.. අපි කොහොමද දැන් මූව අයින් කරලා දාන්නේ...?"

vιŁŁꭿι𝓷 ŁỖv𝔼R || ✔Unde poveștirile trăiesc. Descoperă acum